Like us our Facebook page for keep yourself updated.

Fiverr දිගු ගමනක් යන්න Tips 01

Fiverr වලට අලුතින් එකතු උන යට මේ පොස්ට් එක ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. Fiverr කරන්න අපු ගමන් කට්ටිය ලෑස්ති වෙන්නේ මට අම්බානෙක orders එයි කියල එත් ඒක එහෙම වෙන්නේ නෑ. අපි මුලින්ම කරන්න ඕන අපිට කරන්න පුළුවන් මොනාද කියල හොයල බලන එක. සමහර දේවල් තියෙනවා කරන්න ලේසි ඒ වගේම ආදායමත් හොදයි හබැයි පැවැත්මක් නෑ. පැවැත්මක් නැති දේවල් ගැන කතා කරලා වැඩක් නෑ .

1) Mascot logo



Mascot logo හදන්න ඇත්තටම පොඩ්ඩක් අමාරුයි. පැවැත්ම හොදයි. ආදායමත් හොදයි. මුලින්ම අලුත් account එකක mascot කරන්න බලාපොරොත්තු වෙනවනම් අඩුම base package එක 10$ වත් දෙන්න. සමහර අය දාල තියෙනවා මම logo 5ක් හදනවා 5$ වලට කියල. ඕව තේරුමක් නෑ . ඕවට order ආවත් එන්නේ Indian & Pakistan උන්ගෙන් තමා.

2) Vector Drawings



මේ drawings වලට හොද ඉල්ලුමක් තියෙනවා Fiverr වල. මේ drawings අපිට Illustrator හෝ Photoshop බාවිතා කරලා අදින්න පුළුවන්. පොඩ්ඩක් අත හුරු වෙන්න කාලයක් යනවා පස්සේ නම් ගේමක් ඇත්තෙම නෑ. YouTube එකේ ඕන තරම් tutorials තියෙනවා මේවා අදින හැටි ගැන. එක drawing එකකට 100$ පන්නල ගන්න අය අපි අතරම ඉන්නවා ;)

මුලින්ම කියන්න ඕන account එකක් හදද්දී USA විදියට VPS පාවිච්චි කරලා හදන්න. මොකද සමහර වෙලාවට Sri Lanka account වල gig list වෙනවා අඩුයි. අනිත් එක තමයි හොද gig description එකක් දාන්න. කැඩිච්ච් කඩ්ඩෙන් දාන්න එපා එතකොට උන් දන්නවා මු හරියන් නෑ කියල. හොද samples images තුනක් දාන්නත් අමතක කරන්න එපා. මුලින්ම පොඩියට පටන් ගන්න. 5$ වලට උනත් කමක් නෑ. අඩුම Reviews 100ක් වත් ගන්නකන්. පුළුවන් තරන් buyer ඉල්ලන ඕනෑම file එකක් FREE දෙනන බලන්න. ඉස්සෙල්ලම market එක හදාගන්න බලන්න. පස්සේ අපි 100$ කිවුවත් ගන්න buyers ඉන්නවා. ඒ විදිය order එකක් දවසට ආවත් ඇතිනේ. Level 02 වගේ වෙනකන්වත් negative දාගන්නේ නැතුව 5 Star දාගන්න.

මම fiverr පටන් ගත්තේ 2011දී. ඒ කලේ නම් මාසෙට 50$ ගැහුවෙත් අමාරුවෙන්. මුලින්ම account එක හොද standard එකකට ගන්න. තමන්ටම කියල portfolio එකක් හදගන්න. මේක ගොඩක් වටිනවා .

මුලින් පොඩියට පටන් ගෙන පස්සේ කලෙක තමන්ගේ වැඩ වෙන අය දම්මල කරන තත්වෙකට අපි හැමෝටම එන්න පුළුවන්. අනිත් එක තමයි fiverr විතරක්ම අල්ලාගෙන ඉන්නත් එපා. එන income එක වෙන වෙන දේවල් වලට invest කරන්න. වෙනත් අදායම් මාර්ගයකුත් හදාගන්න බලන්න.

ඉතුරු ටික 02 කොටසින් දාන්නම්. >:)
Tagged:
«1

Comments

Sign In or Register to comment.