Like us our Facebook page for keep yourself updated.

හැමදේම වෙන්නේ හොදටලු

ඔය e money සීන් එකට මම අවේ දන් අවුරුදු 4 කට විතර කලින්. හැබැයි fiverr නෙමෙයි. ptc, ptsu, minijob වගේ පොඩි පොඩි මෙව්වා. ටික ටික ෆොරෙක්ස් ගැනත් ඉගෙන ගත්ත. හැබැයි ඇත්තටම කිව්වොත් පොඩි කාලේ ඩොන්ගල් එකට කාඩ් දාලයි ඉන්ටනෙට් එන්නේ. අම්මගෙන් කාඩ් දානවා කියනේ පොඩි බරපතල කෙස් එකක්. එක හින්ද ඒවා ඔහේ ගිහින් ඔහේ නැවතුනා. පස්සේ 12 ඉද්දි ආයේ fiverr ගැන දැනගන්න ලැබුන. ඉතින් fiverr වලට ට්‍රයි කළා. කොහොම හරි මාස දෙකක් විතර ඇතුලත 140$ වගේ හොයාගන්න පුළුවන් උනා. හැබැයි වැඩේ යද්දී තේරුණා A/L කරන එකයි මේකයි දෙකම කරන්න අමාරුයි කියල. එක හින්ද වැඩේ අත ඇරලා විබාගේ ගොඩ දාගත්ත. එක ඉවර උන ගමන් අයේ වැඩේට පටන් ගත්තේ. B) B)

හැබැයි ඊට කලින් මාස 6 ක විතර ඉදල සැහෙන ගේමක් දුන්න. කොම කොම හරි ඉස්සෙලම කලේ ebay එකෙන් pen , chip එහෙම ගෙන්නලා මෙහෙ එවුන්ට විකුණලා ලාබ ගත්ත එක. හැබැයි එක කරන්නත් අතේ සල්ලි තිබ්බේ නැ. එක ගත්තෙත් සල්ලි තියන යාලුවොන්ගෙන් ණයට. එහෙම කරලා විභාගේ ඉවර වෙද්දී රු.5000 එකතු කර ගත්ත. මට ආසාව තිබ්බේ ෆොරෙක්ස් කරන්න. එහෙම කරලා මාස දෙකෙන් තියන සල්ලි ඩබල් කරන්න. හරියට කලොත් පුළුවන් කියල හිතල ලොකූ ප්ලෑන් හිටන් ගැහුවා ඉතින්. :wink: එක කරන්නත් අතෙන් සල්ලි දන්නා ඕනේ ඉස්සෙල්ල. මට සල්ලි නැ.

මම පඩිය වගේ කලේ අයියගෙන් ණයට රු. 40 000 ඉල්ලා ගත්ත ණයට. :# :# :# අරගෙන කොහොමහරි ෆොරෙක්ස් කොරන්න පටන් ගත්ත. ටසිරි පලවෙනි සති දෙකේ 50$ විතර ලාබයි. හෙන සැටිස් දන්. හැබැයි ආතල් තිබ්බේ සති දෙකයි. අයෙත් වැඩි තණ්හාවට ගිහිල්ල කොහොම හරි account එකේම සල්ලි ලොස්. ඇත්තම කිව්වොත් එදා මම හොදටම ඇඩුව. අයි යකෝ ණයට 40 000 අරගෙන එකත් ලොස් උනානේ. :'(

පස්සේ තමයි වෙන කරනන දෙයක් නැති හින්ද fiverr club එකේ පොස්ට් එහෙම ටිකක් කියවල fiverr කරන්න පටන් ගත්තේ. කොහොම හරි මොකක්දෝ වාසනාවක් තිබිල මට ඉස්සෙල්ලම අපු order එක 40$. එතැනින්ම වැඩේට සැහෙන්න ආස හිතුන. එදා ඉදල අදටත් fiverr කරනවා. මහා ලොකු ගානක් නම් මාසෙට හොයන්න නෑ. ඊත් මම මාස 7 කින් අම්මලාගෙන් සත පහක් ඉල්ලා ගෙන නැ. අයියගෙන් ගත්ත ණය ටිකත් ගෙව්වා. ලැප් එකකුත් කලින් අරන් තිබ්බ අයියගේ සල්ලි වලට. උට සල්ලි දීල එකත් මම ගත්ත. තව ෆෝන් එකකුත් ගත්ත. class වල වියදම් මග වියදම් සේරම මම හොයාගෙන ගෙදර ලයිට් බිලයිත් වතුර බිලයිත් මම ගෙවනවා. මට එක ලොකු දෙයක්. මොකද අපි 4 දෙනෙක් ජීවත් වෙන්නේ අම්මගේ teaching පඩියෙන් හින්ද.අයියට ට්‍රේනින් කලේ පොඩි පඩියක් හබෙනවා. උ එක වියදම් කරන්නේ නැ වැඩිය ඒ උනාට පොතේ දානව. තාත්ත රස්සාවක් කරන්නේ නැ. ඉස්සර ගොවිතැන්. දන් අසනීපයි.

අහ්හ් topic එක අදාළ වෙන හැටි කිව්වේ නැනේ.

1 - ඉස්සෙල්ලම ඔය forex වැඩෙන් මට කෙල උනේ නැත්නම් අදටත් ඕක ඇත ගගා ඉන්නවා. fiverr වලට එවෙන්නේ නෑ. එක හින්ද කෙල උන හින්දම හොදයි.

2 - තව ඉස්සෙල්ලම fiverr account එකේ එක පාරම order නැතුව ගියා. බලද්දී මගේ ගිග එක search එකෙන් අයින් කරලා. එතකොට review 15 වගේ තිබ්බ. ඒ කාලේ හෙන බයයි fiverr account දෙකක් හදන්න. එක හින්ද කලින් යාළුවෙක්ගෙන් ඇහිලා තිබ්බ vps සීන් එක. එකකුත් අරගෙන එකෙන් තව එකක් හදල අර වගේම ගිග දැම්ම. කෝම හරි එකත් හරි ගියා. එත් එකෙත් ගිග් එක ටික දවසකින් search එකෙන් අයින් උනා. දන් දෙපාරක් බැලුවේ නැ. හැදුව තව vps එකක් අරගෙන තව account එකක්. එකත් අර වගේම හරි ගියා.
ඔය අතරේ කවුරු හරි කිව්වා CS කියල අයින් උන ගිග් හදාගන්න කියල. බැලුව වැඩේ. CS එකේ උන් කිව්වා ගිග් එක පොඩ්ඩක් වෙනස් කරන්න කියල. කිව්වා වගේම කලා. ටසිරි පරණ account දෙකත් හරි ගියා. දන් account තුනයි. තුනේම සාමන්යෙන් වැඩ එනවා. ඒ නැතත් හිත පිරෙන්න සතියකට message ටිකක් හරි එනවා. ඒ ඇති.
පලවෙනි එකට කෙල උනේ නැත්නම් අද තාම මම කරන්නේ ඒ account එක විතරයි. එක හින්ද කෙල උන එක හොදයි. ඒ හින්දනේ දැන් 3 තියෙන්නේ.

කියන්න ඕනේ කතන්දරේ ඔච්චරයි. ෆේස්බුක් එකේ ආතල් පොස්ට් දදා ආතල් කමෙන්ට් දදා ඉන්නවා තමයි. ඒ මම කැමතියි හිනා වෙලා ඉන්න. වෙන මොකටවත් නෙමෙයි අඩන්න තියන හේතු නැති කරගන්න බෑ මට. ඒ තරම් දේවල් හිතේ තියනව. ඒක හින්ද හිනා වෙන්න හේතු හදාගන්න. :smile: :smile: :smile:

මේක success story එකකට වඩා experience එකක් කියමුකෝ දැනට. මොකද මම තාම ලොකු වයසක් නැ. ඉස්කෝලේ ගිහිල්ල තාම අස්වීමවත් ගත්තේ නැ. එත් මම තව මාස දෙක තුනකින් කැම්පස්. එකෙ ඉද්දි නම් මේවා කරන්න පුළුවන් වෙයිද දන්නේ නැ. මොකද එතනදිත් මම හිතාන ඉන්නේ ඉගෙන ගන්න එකට මුල් තැන දෙන්න. ඒත් ගොඩක් සතුටුයි මොකද අඩුම අවුරුදු දෙකකට තුනකටවත් වියදමට ඇති වෙන්න සල්ලි මම දැනටමත් එකතු කරගෙන ඉන්නවා. තවදුරටත් මම ගෙදරට බරක් නෙමෙයි. එකෙන් එලියට එද්දී රස්සාවකුත් තියෙයි. ඒ අතරේ මේ දේවලුත් කරගන්න පුළුවන් වෙයි. ඉක්මනටම ගෙදරට කියල වාහනයක් ගන්නත් අදහසක් තියනව.ලොකු ගමනක් යන්න හිතේ හීන තියනව. තව අවුරුදු කීපයකින් මේ category එකේ success story එකක් දාන්න පුළුවන් තැනකට එන්න ලොකු බලාපොරොත්තුවක් තියනව o:) o:) o:)

ඒ වගේම කියන්න ඕනේ අපේ club එකෙන් මට ඇත්ත ජිවිතේ හම්බුනාට වඩා හොද යාලුවෝ හම්බුනා. ගොඩක් කට්ටිය ගොඩක් දේවල් වලට උදවු කලා. මගේ හොදම යාළුවා දිනිත හින්ද තමයි මම fiverr පටන් ගත්තෙත්. ඒ වගේම නම් කියන්න බැරි තරම් යාලුවෝ හම්බුනා.
අහ්හ් මට කෙල්ලව සෙට් කරගන්න උදවු කලෙත් මේකෙන් හම්බුනා යාලුවෙක්ම තමයි. ඉතින් එකත් club එක හින්දයි.

හැමෝටම ගොඩක් ස්තුතියි හැමදේකටම. ;) ;) ;)

තාම ඉගෙන ගන්න මල්ලිලත් මේවා කරනවා. කියන්න තියෙන්නේ පුලුවන්නම් දැනට exam ගොඩ දාපල්ලා. එක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවා කවද හරි කරන්න පුළුවන්. දැන් ගිය දේ ගිය අයට කියල වෙනසක් නැ. රස්සාවකට යන්නේ නැ කියල එක අදාළ දෙයක් නෙමෙයි. හොදම උදාහරණ club එකේම ඉන්නවනේ ඕනේ තරම්.

කාලෙකින් මේ වගේ දිග මෙව්වා එකක් ලිව්වේ. සතුටටද දුකටද මන්ද කදුළු ඇවිත් ඇඩෙන්න වගෙත් එනවා... :) :)

ජයවේවා !!!!!
«1

Comments

Sign In or Register to comment.