Like us our Facebook page for keep yourself updated.

ෆොරෙක්ස් පාඩම් අංක 02 ට්‍රෙන්ඩ් ලයින්ස්

edited June 2016 in Forex 19.00 Karma
ට්‍රෙන්ඩ් ලයින්ස්

ට්‍රෙන්ඩ් ලයින්ස් කියන්නෙත් ෆොරෙක්ස් ටෙක්නිකල් ඇනලයිස් වලදී ෆොරෙක්ස් ටේඩර්ස්ලා වැඩියෙන්ම භාවිතා කරන ක්‍රමයක්. හරියට ට්‍රෙන්ඩ් ලයින් අදින්න ඉගෙනගත්තොත් ට්‍රෙන්ඩ් ලයින් තරම් නිවැරදිව මාර්කට් එක තේරුම් ගන්න පුලුවන් වෙන ක්‍රමයක් නෑ. ඒත් අවාසනාවකට ගොඩාක් ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලා නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් අදින්න දන්නේ නෑ. එහෙම නැත්තන් ඔවුන් ට්‍රෙන්ඩ් ලයින් අදින්න හදන්නේ ඔවුන්ට ඕනෑ කරන කරන විදිහට මාර්කට් එක දකින්න මිසක්, රියල් මාර්කට් එකට අනුව ට්‍රෙන්ඩ් ලයින් අදින්න නෙමේ. ගොඩාක් අය වරද්දගන්නේ ඔතනින්

කොහොමද හරියට ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදගන්නේ ?

නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදගන්නේ කරන්නේ තියෙන්නේ හරිම සරළ දෙයක්... මාර්කට් එක තුල ප්‍රයිස් එක ගමන් කළ ප්‍රධාන ඉහලම ස්ථාන ( Major tops) දෙකක් හෝ පහලම ස්ථාන (Major Bottoms) දෙකක් හදුනාගෙන ඉරකින් ඒ දෙක යා කිරීම පමණයි.

ට්‍රෙන්ඩ් ලයින් එකක් හදුනාගෙන එය ඇදැගන්නා ආකාරය අවභෝද කරගැනීමට පහත රූපය බලන්න





ට්‍රෙන්ඩ් ලයින් වර්ග තුනක් අපිට ෆොරෙක්ස් මාර්කට් එක තුල හදුනාගන්න පුළුවන්. ඒවා නම්,


1. අප්ට්‍රෙන්ඩ් (ඉහලට ගමන් කරන)

2. ඩවුන් ට්‍රෙන්ඩ් ( පහලට ගමන් කරන)

3. සයිඩ්වේ ට්‍රෙන්ඩ් ( ඉහලට හෝ පහලට නොමැතිව කෙලින් ගමන් කරන)


ෆොරෙක්ස් ට්‍රේඩින් කිරීමේද ට්‍රෙන්ඩ් ලයින් පිළිබදව දැන සිටිය යුතු වැදගත් කරුණු කිහිපයක්

1. අඩුගානේ මාර්කට් ප්‍රයිස් එක ඉහලට(Tops) හෝ පහලට(Bottoms) ගමන් කළ අවස්ථා දෙකක්වත් අත්‍යවශයි ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදගන්න. ඒත් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වීමට එවැනි අවස්ථා තුනක්වත් අනිවාර්යෙන් තිබිය යුතුයි

2. අප්ට්‍රෙන්ඩ් එකක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එකක ට්‍රෙන්ඩ් ලයින් එකේ බෑවුම ගොඩාක් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ට්‍රෙන්ඩ් එක පිළිබදව ඇති විස්වාස එන්න එන්න අඩු වෙනවා. බෑවුම වැඩිවෙනවා කියන්නේ.. ට්‍රෙන්ඩ් එක ඉවරවෙන්න ගොඩාක් ලං වෙලා කියන බව අප අවභෝද කරගත යුතුයි.

3. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වලදී වගේම.. අධික බෑවුමක් නොමැතිව නිවැරදි ලෙස ට්‍රෙන්ඩ් ලයින් එක දිගට මාර්කට් ප්‍රයිස් එක ගලාගෙන යන වාර ගණන වැඩි වෙන්න වැඩි වෙන්න එම ට්‍රෙන්ඩ් එකේ ශක්තිමත් භාවයද වැඩිවේ.

4. ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇදීමේදි මතක තබාගත යුතු වැදගත්ම කරුණ.. කවදාවත් මාර්කට් එකට නොගැලපෙන අවස්ථාවක බලෙන් ට්‍රෙන්ඩ් ලයින් එකක් අදින්න උත්සහ කරන්න එපා. ඔබට නිවැරදිව ට්‍රෙන්ඩ් ලයින් එක අදින්න නොහැකි බව තේරෙනවනම්. ඇත්තටම ඒ අවස්ථාවේ මාර්කට් එක තුල නිවැරදි ට්‍රෙන්ඩ් එකක් පවතින්නේ නෑ.. ඒ නිසා තමන්ගේ උවමනාවට බලෙන් ගලපවාගෙන අදින්න උත්සහ කරන ට්‍රෙන්ඩ් ලයින් කිසිම විදිහකින් නිවැරදි ට්‍රෙන්ඩ් ලයින් එකක් නොවන බව හොදින් මතක තබා ගන්න.

කතෘ - සුරේෂ් මධුශංක

Source - SL Forex Club (Facebook Group)
11.JPG 23.1K
Sign In or Register to comment.