Like us our Facebook page for keep yourself updated.

Online Safety Transaction කරන විදිහ

වැදගත් වගේ හිතෙනවනම් කියවන්න...!!!
Group එකේ අභීවෘද්ධිය උදෙසා මේ ලියන්නේ Online Safety Transaction කරන විදිහ ගැන. නොදන්න අයට ලියන්නේ මේ .
CLUB එකේ මූල්‍ය අක්‍රමිකතා සෑහෙන්න ප්‍රමාණයක් වෙලා තියනවා අද වෙනකොට. ඉතින් SL RS සහ US $ වලින් මේ විදිහට මුදල් අහිමි කරගත්ත අය ගොඩක් ඉන්නවා. බොහෝ දෙනෙක් PROOF වලට රැවටුණු අය ඉන්නෙ.
01 - අපි යම් කිසි දෙයකට මුදල් දෙනකොට ගන්නකොට හුගාක් බුද්ධිමත් වෙන්න ඕන. මොකද ජාතකේ වැරදියට ආපු උන් ඉන්නවා අනුන්ට ගිනි ගෙඩි දීලා සල්ලි හොයන උන්. රෑ නිදි මරන් හුගක් දුක් මහන්සියෙන් හොයන සත 5 උනත් ඒකෙ වටිනාකම තියෙන්නෙ ඒක හොයන මනුස්සයට මිසක් හොරකම් කරන කඩප්පුලියට නෙමේ. කුඩු ගංජා ගහන්න සල්ලි නැතුව කරන උන් තමා ඔය වගේ පාදඩ වැඩ කරන්නෙ.සල්ලි දෙනකොට හුගක් අවධානෙන් මේ වැඩේ ගැන බලන්න ඕන.
02 - සල්ලි දෙනකොට වෙන්නෙ ONLINE නිසා අපිට දෙන පුද්ගලයා ගැන විශ්වාසය තියන්න ගොඩක් අමාරුයි. ඒක නිසා ඒකට නිර්ණායක යොදාගන්න ඕන. මුලින්ම දෙන පුද්ගලයාගෙ FB ගිණුම පරීක්ශා කරන්න ඕන. ඒක බලද්දි අපිට හිතාගන්න පුලුවන් FAKE ද REAL ද කියලා. FB LINK එකේ නම සහා FB PROFILE එකේ නම බලන්න ඕන.
මේකට මෑත කාලීන නිදසුනක් ගන්නම්.
EX - www.fb.com/fiverr.lahiru ( fb Link )
gehan fernando ( fb name )
හැම එකටම මේක පොදු වෙන්නෙ නෑ ඒත් ආසන්න වශයෙන් අදහසක් ගන්න පුලුවන්.
තව ගැනුම් කරුගේ fb friend List එක. ඒකේ ඉන්න mutual Friend ලා ගැන බලලා අදහසක් ගන්න පුලුවන්. අඩුම තරමේ ගැනුම් කරුගේ අනන්‍යතාව ගැන mutual friendslagen අහලා දැනගන්න පුලුවන්.
Fb Informations වලින් Locations , Checkin කරපුවාගෙන් ගැනුම්කරු ඉන්න දිහා ගැන අනන්‍යතාවක් ගන්න පුලුවන් . හුගක් වෙලාවට කොළඹ ඉන්න එක්කෙනෙක්නම් කොළඹ සහ අවට ආපු ගියපු තැන් ගැනුම්කරුගේ post වල තියෙන gps Locations සහා ගැනුම් කරුගේ post , photos වලට වැටෙන Like Comments වලින්.
ඒක වෙන්නෙ හිතන්න ඔයා මොකක් හරි එකක් දැම්මොත් අනිවාර්‍යෙන් ළඟම යාලුවෙක් like/comment දානවානෙ. අන්න ඒ වගේ.
මේ දල වශයෙන් ගැනුම්කරුවෙක්ව අඳුරගන්න පුලුවන් ක්‍රම. ඒත මතක තියාගන්න හොරා හොරාමයි. අපිට මෙහෙම කියලා හොරාව අඳුරගන්න බැරි වෙන අවස්තා එමටයි .ඒ තරම් සූක්ශම හොරු ඉන්නවා.
02 - යම් දෙයක් ගැනීමට මුදල් දෙනවනම් teamviewr වලින් මුලින් පරීක්ශා කරගන්න . screen shot proof widihata එවයි. ඒවා google image search ,කරලා බලන්න. මොකද හුගක් උන් google image වලින් ඔහුගේ අනන්‍යතාව ඔප්පු කරන්න දඟලනවා. ඒත් එහෙම අහු උන් නැත්තම් inspect elements වලින් edit කරපු ඒවා වෙන්න පුලුවන්. ඒක නිසා හොඳම දේ teamviewr වලින් පරීක්ශා කරගන්න එක. මොකද උවමනාව තියෙන එකා ඒ වගේ දේවල් වලට බය වෙන්නෙ නැති නිසා. එහෙම බලන්න කලින් team viewr connect උන ගමන් page/tabs refresh , reload කරන්න මතක් කරලා.
03 - ගණුදෙනුව වෙනකොට එවන Details ගැන සුපරීක්ශාකාරී වෙන්න. ඔයා එක්කෙනෙක්ට මුදල් දෙනවනම් මුලින්ම ඒ කෙනාට කියන්න එයාව Trust කරන්න පුලුවන් වෙන්න කෙනෙක්ව guarant කරන්න කියලා. එතකොට ඒ guarant කරන කෙනාගෙන් මතක් කරලා අහන්න. එහෙමත් නැතිනම් club එකෙ post එකක් දාන්න අහවල් පුද්ගලයගෙ නමින්ම. එතකොට club එකේ දන්න කෙනෙක්නම් කියයි ඒ පුද්ගලයා ගැන විස්තර (හොඳම දේ මේක) නම් පාවා දීලා කරන ගණුදෙනු වලින් හුඟක් පරිස්සම් වෙන්න. ID SCANNED COPY/PHONE NO / ADDRESS ඉල්ලගන්න . ගනුදෙනුවෙදි උවමනාව තියෙනවනම් ඒවා එවන්න අදි මදි කරන එකක් නෑ. ඒ එවද්දි REAL PROFILE NAME එක ගැලපෙනවද බලන්න. FAKE එකක්නම් ගනුදෙනු නොකර ඉන්න එක තමා හුඟක් හොඳ. උප්පැන්න සහතිකේ ඉඳන් ඉල්ලන්න SURE නැත්තම්.
විශේශ කරුණු කීපයක් තමා ඔය.
මේක කියන්නේ මේක බලන හොරුන්ට -
උඹලා හිතනවානම් තව එකෙක්ට ගිනිගෙඩියක් දීලා ඒ සල්ලි වලින් රජ වෙන්න, ඒක තමා උඹලා කරන ලොකුම ගොන්කම. මේවට නීති නෑ කියලා හිතනවනම් සක්විතිට උන වැඩේ සිහියට අරන් ඉඳපන් මුලින්ම. දැන් නීති තදයි . මෝඩයෝ නෙමේ ඉන්නෙ. උඹලා වංචා කරාට හිතන්න එපා බේරිලා ඉන්න පුලුවන් කියලා. අඩුම නමක් එක්ක පොලිසියේ ලිය උනොත් උඹලා වගෙ හොරුන්ට හදිසියට මූල්‍ය ආයතන එකකින්වත් LOAN / LEASE මුකුත් ගන්න බැරි වෙන බව මතක තියාගනිල්ල. උඹලා එදිනෙදා කරන බැංකු කටයුතු රටේ ඉහලම බැංකුවෙන් අධීක්ශනය වෙනවා කියලා මතක තියාගනින්. එතන උඹ ගැන Black mark ekk Update උනාම ජීවිත කාලෙම විඳවන්න වෙයි. හොර නමක් ගාගෙන. අනික උඹලට හිරේ ඉන්නකොට තේරෙයි අනුන්ගෙ සල්ලි බොරු කියලා අරන් උඹලා කරපු වැඩේ උබලගෙ අම්ම අප්පට කැලලක් කියලා. උඹල ඔහොම හොරකම් කරනවට වඩා පාරෙ හිඟාකන මිනිහා උතුම්. ඒ පැත්තෙන් බලද්දි උඹලා ඉන්නෙ ඒ හිඟන මනුසායොන්ටත් අන්තම තැනක කියන එක මතක තියාගනින්. හොරකම් කරන සල්ලි වලින් උඹලා කරන කියන මුකුත් හරියන් නෑ ඒවට මෙලොවදීම ස්වභාවධර්මයෙන් හම්බෙනවා ලෙසටම දඬුවම් අන්නේක මතක තියාගනින්
Sign In or Register to comment.