Like us our Facebook page for keep yourself updated.

Plan Your Financial Year - අලුත් අවුරුද්දේ සල්ලි කොච්චර ඕනෙද?

ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට ලැබෙන ආදායම හරියට කළමණාකරනය කරගන්නේ කොහොමද කියන එක. ඒ දේ හරියට නොදන්නා කම නිසා වැඩි ආදායමක් තියෙන අය තමන්ට කිසි දෙයක් කර ගන්නෙ නැතුව සල්ලි ටික නාස්ති කරගන්නවා වගේම, මේක හරියට දන්න අය අඩු ආදායමක් තිබිලත් අනිත් අයට වඩා සෑහෙන දේවල් කරගන්නවා.

මම මෙතන කියලා තියෙන්නෙ එක අවුරුද්දක් ඇතුලත තමන්ට ලගා කරගන්න ඕනෙ ඉලක්ක වලට අවශ්‍ය කරන සල්ලි පාලනය කරගන්නේ කොහොමද කියන එක. මාත් දැනට පාවිච්චි කරන්නේ මමම හදා ගත්ත මේ වගේම Cash flow template එකක් තමයි. සාමාන්‍ය කෙනෙක්ගේ ඉලක්ක ගැන උපකල්පනය කරලා තමයි ශීට් එක හදලා තියෙන්නේ. මේක තමන්ට කැමති විදිහකට එඩිට් කරලා ගන්න පුලුවන්.

Main Schedule

මේක තමයි ප්‍රධානම කොටස. මෙත්න තියෙන්නෙ අපි ඒ අවුරුද්ද ඇතුලත කරන්න හිතාගෙන ඉන්න දේවල්, ඒවට අවශ්‍ය වන මුදල් ප්‍රමාණයන් සහ ඒ ඒ වැඩ කරන්නේ මොන කාලවලදිද කියන එක. මෙතනදි මම අරගෙන තියෙන ප්‍රදානම ඉලක්ක ටික තමයි.

1. අලුත් කාර් එකක් ගන්න එක
2. පිටරට සංචාරයක් යන එක
3. විවාහ ගිවිසගැනීමක් වගේ කටයුත්තක්
4. තමන් ඉන්න නිවස අලුත් වැඩියා කරන එක



එතකොට ඒ ඒ වැඩ වලට සැලසුම් කරලා තියෙන මාසෙදි ඕනෙ වෙන මුදල් ප්‍රමාණයන් තමයි ඔය දාල තියෙන්නෙ. කාර් එක ගන්න එකේ විතරක් වෙනසක් තියෙනවා. මේ දාල තියෙන්නේ මුලින් ලක්ශ 12ක් අතින් දීල ඉතුරු මුදල මාසෙකට වාරිකය 30000ක් වෙන විදිහට ලේසින්ග් එකක් දාලා ගන්නවා කියල හිතාගෙන.

නිවසා අලුත්වැඩියා කරන්නේ කොටස් තුනකට. එක සැරේකට ලක්ශ 2 ගානෙ.

දකුනු කෙලවරේ තියෙන්නේ ඒ වැඩ සදහා ඕනෙ වෙන මුලු මුදල. යට තියෙනේ අදාල මාසෙ ඇතුලත උවමනා වෙන මුදල.

Estimated Cash flow



ඊට පස්සෙ තියෙන්නෙත් ප්‍රධානම කොටසක්. මෙතන උඩම තියෙනේ අපි එක් එක් මාසය ඇතුලත උපයන්න බලාපොරොත්තු වෙන මුදල. මුල් මාස 6දි මාසෙකට ලක්ශ 2 ගානෙ සහ ඉතිරි මාස 6 මාසෙකට ලක්ශ 3 ගානෙ කියල තමයි උපකල්පනය කරලා තියෙන්නේ. තමන්ගෙ පසුගිය අවුරුද්දේ ආදායම ගණන් හදලා බලලා Average එකක් අරගෙන මෙතනට දාන්න පුලුවන්. මේක හොද Practical Amount එකක් වෙන්න ඕනෙ. තමන්ට Achieve කරන්න බැරි බොරු ගනන් දාගෙන වැඩක් නෑ.

Cumulative Row එකෙ තියෙන්නෙ අපි ගාව දැනට තියෙන මුදල් ප්‍රමාණයත් එක්ක මාසෙ ආදායම එකතු කලාම එන සම්පූර්ණ ගණන. දැනට අතේ Rs.515000ක් තියෙනවා කියල තමයි උපකල්පනය කරලා තියෙන්නේ.

Predicted Cash Balance කියන්නේ අදාල මාසෙ සැලසුම් කරලා තියෙන වැඩ ටික කලාට පස්සේ අතේ ඉතුරු වෙයි කියලා බලාපොරොත්තු වෙන මුදල. වඩ සැලසුම් කරනකොට මේ Row එක පුලුවන් තරම් ධන අගයක් තියාගන්න බලන්න. මේක සෘණ වෙනවා කියන්නේ අපිට කොහෙන් හරි ණයක් ගන්න වෙනවා කියන එක.

Actual Funds



දැන් තියෙන්නේ ඇත්ත විස්තර දාන්න. මේකෙ විදිහට අපිට බැංකු ගිණුම් 2ක් තියෙනවා. එකක ලක්ශ 400000ක් සහ අනිත් එකේ ලක්ශ එක හමාරක්. මෙතනට දාන්න ඕනෙ ඇත්තටම අපි අතේ දැනට තියෙන මුදල් වල විස්තර. මේ ටික හැම බැංකු ගනුදෙනුවකින් පස්සේම update කරන්න. Internet Banking තියෙන නිසා Balance එක බලාගන්න පුලුවන්නේ ලේසියෙන්ම.

Schedules In / Out



යටම තියෙන්නේ අපිට එන්න තියෙන සල්ලි, ගෙවන්න තියෙන බිල් සහ අපෙන් යන්න තියෙන වියදම් ගැන විස්තර. Inward වලට අපිට දාන්න පුලුවන් Paypal එකෙ Withdraw කරනන් තියෙන සල්ලි, Fiverrර එකෙ Clear වෙමින් පවතින සල්ලි එහෙම.

මේ විදිහට හරි schedule එකක් හදාගත්තම අපේ ඔලුවත් නිරවුල්ව තියාගෙන ඕනෙම ලොකු ඉලක්කයකට උනත් ලේසියෙන්ම යන්න පුලුවන්. අනවශ්‍ය, අනපේක්ශිත ප්‍රශ්න එන්නෙත් නෑ. ඒ වගේම එක් එක් අවුරුද්ද අවසානයේ තමන් සැලසුම් කරපු වැඩ සහ ලගා කරගත්ත ඉලක්ක ගැන හොද සමාලෝචනයක් කරලා ඊලග අවුරුද්ද ඊටත් වඩා හොදට සැලසුම් කරගන්න පුලුවන්.

මෙතන තියෙනවා sheet එකේ link එක. තමන්ගේ Google drive එකට copy කරලා අරගෙන කැමති විදිහට එඩිට් කරගන්න.
https://goo.gl/xAOVZG
main.png 52.7K
Actual.png 10.7K
inout.png 12.6K
«1

Comments

Sign In or Register to comment.