Like us our Facebook page for keep yourself updated.

Crack, Patch නැතුව Adobe CC පාවිච්චි කරමු

edited October 2016 in General Discussions 17.00 Karma


Adobe කියන්නෙ මොනතරම් Alternatives තිබුනත් ඒ එකකටවත් Adobe ලගෙ Softwares එකත් එක්ක හැරෙන්න බැරි Software field එකේ ඉදිරියෙන්ම ඉන්න සමාගමක්.
Photoshop. Illustrator, Adobe Reader වගේ අපිට නැතිවම බැරි Softwares ගොඩක් Develop කරන්නෙ Adobe සමාගමෙන්.
අද මම කියන්න හදන්නෙ Cracks, Patches මොකුත් නැතුව හැමදාටම ඕනෙම Adobe Software එකක් Use කරන විදිය.

පටන් ගන්න කලින් දෙයක් කියන්න ඕනේ. තමන් ස්ථීර ආදායමක් ඒ Softwares වලින් Work කරලා හොයනවනම් කරුණාකරලා ඒවා මිලදී ගන්න.
මොකද ඒකෙන් ඒ Softwares වල Development තව වැඩි වෙනවා. පාවිච්චි කරන අයටම තමයි ඒකෙ වාසියත් ලැබෙන්නේ.
හැමෝම මේක නොමිලේ Use කලොත් Adobe Company එකට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.
වාසනාවකට අපේ රටේ වගේ හැමදේම නොමිලේ පාවිච්චි කරන්න බලන් ඉන්නෙ නෑ අනිත් රටවල මිනිස්සු. :neutral:

දැන් එහෙනම් මමත් කරන්නෙ හොරෙන් Use කරන එකනේ. ඒකටත් උත්තරේ දීලම ඉන්නම්.
මම Web Field එක තමයි ගොඩක්ම කරන්නේ. Design තාම පුළුවන් වෙලාවට පුරුදු වෙනවා. ඒ නිසා මම කිසිම ආදායමක් හොයන්නෙ නෑ Adobe Softwares හරහා.
ඒ නිසා තමයි මම මේ ක්‍රමෙන් මට ඕනෙ Softwares 3 Use කරන්නෙ. :wink:

මම මුදල් හොයන Softwares වලින් එකක් තමයි Microsoft Office Package එක. ඒ නිසා මම ඒකට හැම මාසෙම මුදල් ගෙවන කෙනෙක්. ඒ නිසා Software හොරෙක් නෙමෙයි.
මම Software එකක් Use කරලා ආදායමක් ලබනවානම් ඒ ආදායම Software,Subscription එකේ මිලට වඩා වැඩිනම් ඒක මිලදී ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. ඒ හින්දා ඔයාලත් මම වගේ වෙන්න. :smiley:

හරි. වැඩේ පටාන් ගමු. මුලින්ම, Crack, Patch එක්ක දාගෙන ඉන්න ඔක්කොම Adobe Softwares ටික Uninstall කරන්න ඕනෙ.
(ආයිත් Install කරන්න Data එහෙම තියෙන්නත් ඕනෙ හොදේ. ඕනෙ කරන Settings එහෙම Backup කරගන්නත් අමතක කරන්නෙපා. )
Crack, Patch දාගෙන ඉන්න අය එක Iobit Uninstaller Download කරලා Install කරලා ඒ හරහා Adobe Softwares එකින් එක Uninstall කරන්න. Standard Uninstall එකෙන් පස්සෙ Powerful Scan එකක් දෙන්න Iobit Uninstaller එකෙන්. එතකොට ඒ Software එකට අදාලව තියෙන ඔක්කොම Registry Files අනම් මනම් Delete කරනවා Iobit Uninstaller එකෙන්.
Download Iobit Uninstaller (Free)
දැන් ඔය Pause කරලා තියෙන Virus Guard එහෙම ඔක්කොම Start කරන්න. PC එක Restart එකක් දාල ගන්න.

දැන් යන්න Official Adobe Site එකට. Register වෙලා Download කරගන්න Adobe Installer එක.
Download Adobe Online Installer

දැන් ඕනෙ කරන Softwares ඒ හරහා Install කරගන්න.

Sign In වෙන්න. දැන් ඒ හැම Software එකටම Open කරන පලවෙනි දවසෙ ඉදන් ඉදිරියට දින 7ක Trial එකක් ලැබෙයි.



දැන් ඒ Trial එක පාවිච්චි කරන්න දවස් 7ක්.
පහල Screenshot එක බලන්න.



1. Trial Expired
2. Update Software
3. Downloading Update

දවස් හතකින් Trial Expire වුනාම මේ Post එකේ ඉතුරු ටික බලන්න එන්න.

--- After 7 Days ---

අද Adobe Trial එක Expire වෙනවද? නැත්නම් Expire වුනාද? එහෙනම් දැන් තමයි Trick එක USe කරන්න යන්නෙ.
Software එක දැනටමත් Trial Expire වෙලානම් පහල තියෙනවා වගේ Software එකට යන්න බැරිනම් ඒක Exit කරන්න.



හැම Adobe Application එකකටම අදාළ Trial Serial Number එකක් තියෙනවා. ඒක තියෙන්නෙ Installation Directory එකේ \AMT කියන Folder එකේ application.xml කියලා.
උදාහරණයක් විදියට Photoshop වල C:\Program Files\Adobe\Adobe Photoshop CC 2015.5\AMT කියන Directory එකේ. මේ application.xml කියන File එක Notepad එක හරහා Open කරගන්න. නැත්නම් Notepad එක අරන් ඒකට Drag & Drop කරන්න.



එට පස්සෙ ඒ application.xml එකේ Trial Key එක හොයාගන්න ඕනේ.


Data key="TrialSerialNumber">911987082611993854940073 ඔය වගේ Trial Number එක හොයාගන්න පුළුවන්.
පටන් ගන්නෙ Data key="TrialSerialNumber" කියලා.
දැන් Screenshot එකේ රතු පාටින් Mark කරලා තියෙනවා වගේ ඔයාලටත් Trial Key එක බලාගන්න පුළුවන්.
දැන් මම Select කරලා තියෙනවා වගේ අග හරියෙන් අංක 2ක් හෝ 3ක් Select කරලා කැමති අංක වලට Replace කරන්න.
උදාහරණයක් විදියට මම Screenshot එකේ 385 Select කරලා තියෙනවා. ඒක මම 985 කියලා කැමති අංකයකට මාරු කරනවා.
ඊට පස්සෙ Save කරලා ඔයාලගේ Adobe Software එක Open කරන්න. අලුතින් දැම්මා වගේ වැඩ කරයි.

දැන් මේක දවස් 7න් 7ට Edit කරන්න ඕනේ. මල කරදරයක්නේ..
ඒකට මෙහෙම කරන්න Adobe Activate හරි මතක හිටින නමක් දාලා Folder එකක් හදාගන්න.
ඒකට ඔයා පාවිච්චි කරන හැම Adobe Software එකකම application.xml කියන Fileඑකේ Shortcut එකක් දාගෙන අදාළ Software එකේ නමින් ඒ Shortcut එක Save කරගන්න.
Trial එක Expire වුන ගමන් Shortcut එක Double Click කලා. Numbers 2ක් Replace කලා. Save කලා.
කොච්චර Simple Plan එකක්ද?

AMT Folder එකේ Path එක එකින් එකට වෙනස්. මම දැනට දාල තියෙන්නෙ Softwares 3යි. අනිත් Softwares වල AMT Folder Path ඔයාලා හොයාගන්න.
Illustrator : C:\Program Files\Adobe\Adobe Illustrator CC 2015.3\Support Files\Contents\Windows\AMT
Photoshop : C:\Program Files\Adobe\Adobe Photoshop CC 2015.5\AMT
Acrobat DC : C:\Program Files (x86)\Adobe\Acrobat DC\Acrobat\AMT

හරි එහෙනම් ප්‍රශ්ණ තියෙනවනම් අහන්න.
මේකට ලැබෙන ප්‍රතිචාර අනුව මම ඊළගට USA Phone Number එකක්, USA Address එකක් සහ USA වලින් Internet Connection එකක් ගන්න හැටි කියල දෙනවා.
එහෙනම් කට්ටිය USA Internet Speed එකෙන් Download කරන්න එහෙම ලෑස්ති වෙන්න. :wink:

මේ Post එක Copy Paste කරලා අහුවෙන්නෙපා. :neutral: කොහේ හරි දානවනම් කෙලින්ම Post Link එක දාන්න.
මේක මුලින්ම දැම්මෙ OECSL Forum එකේ. ඉස්සරහටත් එහෙම තමයි. :blush:
«1

Comments

Sign In or Register to comment.