Like us our Facebook page for keep yourself updated.

Revenue Share (Rev. share) Tips

Rev. share වලින් කොහොමද lost නොවී profit කරන්නේ කියන එක හැමෝටම වගේ ප්‍රශ්නයක් නේ.... මොකද ඇහුවොත් ගොඩාක් දෙනෙක් කියන්නෙ,
"මට කෙල උනා"
කියන වචනෙ විතරයි... මේ නිසා invest කරන්න පුලුවන් කමක් තියෙන කට්ටියටත් මේ field එකට එන්න යම් අදිමදි කමක් දක්වනවා... මම අද ඉදන් මම දන්න දේ සහ, කරන්න හොද Rev. share site ගැන කට්ටියව දැනුවත් කරන්නම් :) හැබැයි මේවා LONG LIVE නෙමෙයි... අපි දැනගන්න ඕනෙ හරියටම කොහොමද මේ වැඩේ කරන්නෙ කියලා... එක්තරා විදිහකර game එකක් ගහනව වගේ තමයි :)

Rev. share site එකක් ගොඩදාගන්න මම දකින විදිහට යම් කරුණු කීපයක් බලපානවා...(With experience)

  1. මුලින්ම අපිට හොද Sponsor කෙනෙක් ඉන්න ඕනේ.... (යාලුව කිව්ව පලියට මේ දේවල් කරන්න යන්න එපා... මොකද තමන් invest කරන්නෙ තමන්ගෙ සල්ලි. මුලින්ම ඔයා බලන්න ඕනෙ මේ දේවල් ඔයාට කියන පුද්ගලයට, ඒ field එක ගැන හොද අවබෝධයක් තියෙනවද කියලා... තමන් invest කරන මුදල් වලට නියම වටිනාකමක් ඒ පුද්ගලයා යටතෙ ලබාගන්න පුලුවන් කියල දැනුනොත් විතරක් ඒ කෙනාව ‍තෝරගන්න. ඒ වගේම සැරින් සැරේට තමන් ‍තෝරගන්න Sponsorව මාරුකරන්න එපා)
  2. FB group එකත් එක්ක පුලුවන් හැම වෙලාවකම touch එකෙ ඉදීම (Sponsor හොදනම් මේක අනිවාර්ය දෙයක් නෙමෙයි :) නැත්තම් අනිවාර්යයෙන්ම FB group එකත් එක්කම ඉන්න. මොකද site එක ගැන හැම වැදගත් තොරතුරක්ම ඔයාලට දැනගන්න පුලුවන් එතනින් විතරයි)
  3. එකපාර Rev. share sites ගොඩාක් කරන්න ගන්න එපා (මේ field එකෙ sites ඕන තරම් එනව යනවා, කිසිම හදිස්සියක් නැහැ. හොද site එකක් දෙකක් ‍තෝරගෙන කරන්න)
  4. මේවට යොදවන්න ඕනෙ තමන්ට දැරිය හැකි ගානක් විතරයි ( කොයිම වෙලාවකවත් මේ දේවල් තමන්ගෙ අත්‍යවශ්‍ය කරයුතු, ඉගෙනීම කටයුතු වලට තියන් ඉන්න සල්ලිවත්, කාගෙන්වත් ණයට ඉල්ල ගත්ත සල්ලිවත් යොදවල කරන්නම එපා... එහෙම පුලුවන් කමක් නැත්තම්, පුලුවන් කාලයක් එනකම් මේ field එක අමතක කරල දාන්න :) )
  5. Rev. share site එකක් කරන්න ගන්න ඕනෙ ඒ site එක launched කරපු සතිය ඇතුලතමයි. ඒ වගේම සැලකිය යුතු ප්‍රග්ධනයකින් ආරම්භ කරන්න. (ප්‍රධානම හේතුව මම කලින් කිව්ව වගේම අපි play කරන්නෙ එක්තරා විදිහක game එකක්. මුලින්ම enter වෙන තරමට & ප්‍රාග්ධන ප්‍රමාණයේ හැටියට RISK ගොඩක් අඩුයි)
  6. Target එකක් තියාගෙන ගමන plan කරන්න (ඔයා site එක පටන් ගත්ත දවසෙ ඉදන් යම් කාල රාමුවක් හදාගෙන ඒකට අනුව වැඩ කරන්න. කාල රාමුව හදාගන්න Sponsorගෙන් සහයෝගය ගන්න. එයා genuine කෙනෙක්නම් ඔයා ඉල්ලන්නත් කලින් ඔයාට ඒ guidance එක ලැබිල තියෙයි)
  7. Rev. share site එකට අදාලව calculator එකක් භාවිතා කරල තමන්ගෙ ගමන ගැන යම් දල අදහසක් තියාගන්න.
  8. කොයිම වෙලේකවත් එන Return/Earnings දැකල තන්හාව/ආශාව වැඩිකර ගන්න එපා (කට්ටිය වරද්ද ගන්න ලොකුම තැනක්)
  9. එන එන හැම Rev. share එකක්ම කරන්න යන්නත් එපා. (site එකක් ‍තෝරගන්න තෙරෙන්නෙ නැත්තම් Sponsorගෙ සහය ලබාගන්න)
  10. ඔයා Rev. share එකක් කරන්න ගත්තට පස්සෙ, Deposit & Withdrawal Balance අතර gap එක ගැන හොද අවබෝධයකින් ඉන්න. අපිට site එකක් SCAM වෙන්න යනවනම් දැනගන්න පුලුවන් හොදම information ලැබෙන්න ඒකෙන් (gap එක 50%-65% අතරට ආවොත්, අනිවාර්යයෙන් ඊලග දවසේ ඉදන් 100%ක්ම Withdraw කරන්න)
  11. කවුරු මොනව කිව්වත්, තමන්ගේ ආත්ම විශ්වාසය මත ඉස්සරහටම යන්න :)

ඔයා Sponsor කෙනෙක් වෙනව නම්, referral commission බලගෙනම විතරක් ඒ කෙනාව මේ field එකට ගේන්න එපා... අපි කවුරුත් ආස දාන ගානට වඩා සතයක් හරි වැඩිපුර හොයන්නයි :) තමන් ගැන වගෙම මේ field එකෙදි තමන් referral කරන පුද්ගලය ගැනත් හිතන්න... එයාව හරියටම guide කරන්න :) ඔයට මේ field එක ගැන හරියට පුලුල් අවබෝධයක් එනකම් කාවවත් referral කරන්න එපා... එතකොට මම පටන් ගද්දිම කිව්ව "මට කෙල උනා" වාක්‍යය ඇහෙන ප්‍රතිශතය ගොඩාක් අඩු වෙයි :)

අහන්න තියෙන ඕනම ප්‍රශ්නයක් comment එකක් දාල අහන්න, මට පුලුවන් උපරිමයෙන් මම උත්තර දෙන්නම් :)


සුබ පැතුම් !!!

Comments

Sign In or Register to comment.