Like us our Facebook page for keep yourself updated.

ෆොරෙක්ස් පාඩම් අංක 01 ෆොරෙක්ස් සපෝර්ට් සහ රෙසිස්ටන්ස්

edited June 2016 in Forex 19.00 Karma

ෆොරෙක්ස් සපෝර්ට් සහ රෙසිස්ටන්ස්

සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කියන්නේ ෆොරෙ‍ක්ස් කරත්දී මාර්කට් එක ඇනලයිස් කරන්න ලෝකයේ වැඩියෙන්ම උපයෝගි කරගන්නා ක්‍රමය. ඒ වුනත් පුදුමයට කරුණ මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිසිටන්ස් තීරණය කිරීමේදී හැමකෙනාටම ඔවුන්ගේ වෙනමම දැක්මකට අනුව සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් තීරණය කිරීමයි. මේ නිසා ගොඩාක් වෙලාවකට එක එක්කෙනා අදින සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් තවත් කෙනෙක් අදින ඒවට වඩා වෙනස්.


අපි මුළින්ම මෙහි මූළික කරුණු වලට අවධානය යොමු කරමු




ඉහත රූප සටහනට අවදානය යොමු කරන්න. ඔබට පෙනෙන ආකරයට මේ පෙනෙන සිග්සැග් හැඩැය කෙමෙන් කෙමෙන් ඉහලට ගමන් කරනවා(අප් ට්‍රෙන්ඩ්) . ෆොරෙක්ස් මාර්කට් එක ඉහලට ගමන් කර නැවතත් පහලට ගමන් කරන අවස්ථාවක ෆොරෙක්ස් මාර්කට් ප්‍රයිස් එක ගමන් කළ ඉහලම ස්ථානය තමා දැන් පවතින "රෙසිස්ටන්ස්" එක.





එලෙසෙම නැවත ෆොරෙක්ස් මාර්කට් එක දිගටම ඉහලට ගමන් කරන්න පටන් ගත්දී මාර්කට් ප්‍රයිස් එක ගමන් කළ පහළම ස්ථානය "සපෝර්ට්" එක බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට ෆොරෙක්ස් මාර්කට් එක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් නිර්මාණය කරමින් දිගටම දෝලනය වෙමින් පවතිනවා. මෙහිම ප්‍රතිවිරුද්ද දෙය ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී සිදු වෙනවා.

සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සළකුණු කරගන්න ආකාරය


මතක තබාගතයුතු වැදගත්ම කරුණ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් යනු කිසි විටක නිශ්ෂිත එක් අංකයක් නොවේ.. එය යම් නිශ්ෂිත හදුනාගත හැකි පරාසයක් ලෙස හැදින්විය හැකියි.බොහෝ අවස්ථාවල ඔබට පේන්න පුළුවන් අපි අදින සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් හැම විටම කඩාගෙන එහාට මෙහාට යනවා.

ඒත් ඔබ ඒ දිහා කාලයට ඉඩ දීලා ටිකක් බලන් හිටියොත් ඔබට පේන්න ගන්නවා.. මාර්කට් ප්‍රයිස් එක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථාවල සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් අවට ප්‍රදේශයේ එක තැන හරියට උඩට යන්නෙත් නැතිව පහලට යන්නෙත් නැතිව එකම තැන දෝලනය වෙමින පැවතිලා තියන බව. මේ දෝලනය වීම අපිට හොදටම බලාගන්න පුළුවන් කැන්ඩල්ස්ටික් චාර්ට් එකක කැන්ඩල් එකේ ඇති ශැඩෝ එක අධ්‍යනය කිරීමෙන්.




ඉහත රූපයට අවධානය යොමු කෙරුවොත් දැකගන්න පුළුවන් කැන්ඩල් ශැඩෝ එක 1.4700 සපෝර්ට් ලෙවල් එක ආසන්නයේ මාර්කට් ප්‍රයිස් එක එක ලගම එහාට මෙහාට දෝලනය කරලා තියන ආකාරය. ඒ අවස්ථාවල සමහර වෙලාවට මාර්කට් ප්‍රයිස් එක සපෝර්ට් එක කඩාගෙන ගිහින් තියනවා කියලා අපිට පේනවා. ඒත් අපි දැන් මේ කරන පසුවිමරමේදී අපිට තේරෙනවා ඒ සපෝර්ට් එක කඩාගෙන ගිහින් නෙමේ,සපෝර්ට් ලෙවල් එක නිසා මාර්කට් එකේ ඇති කළ ප්‍රශර් එක නිසා මාර්කට් ප්‍රයිස් එක එතනදී එකම තැන දෝලනය වීමකට ලක් වෙලා කියලා.



ඉතින් අපි කොහොමද හරියටම දැනගන්නේ මේ වගේ අවස්ථාවක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කඩාගෙන යයිද නැත්තන් නැවතත් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අනුව මාර්කට් එක ඒ විදිහටම දෝලනය වෙයිද කියලා ?

ඇත්තෙන්ම කිව්වොත් එයට 100% නිවැරදි උත්තරයක් නෑ. ඒ නිසා සැම විටම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් මත පමණක් හිද ට්‍රේඩ් වලට යෑම ඉතාමත් අවදානම් සහිතයි. සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සමගම ඉදිරියේදි ඉගෙනගන්න තවත් ක්‍රම කිහිපයක එකතුවෙන් අපිට මෙම ගැටලුවට නිවැරදි උත්තරයක් ලබාගන්න පුළුවන්.


අපි නැවත් අපි කළින් ගත් රූපයම උදාහරණයකට ගමු ඊට පැය කිහිපයකට පසු ගත් පින්තූරයකින්. දැන් අපි බලමු ඇත්තටම මාර්කට් ප්‍රයිස් එක 1.4700 සපෝර්ට් ලෙවල් එක කාඩාගෙන ගිහින් කැන්ඩල් එක ක්ලෝස් වුනායි පසු මොකද වෙලා තියෙන්නේ කියලා





මේ අපි ගත් උදාහරණයේදී අපිට පේනවා මාර්කට් ප්‍රයිස් එක 1.4700 සපෝර්ට් ලෙවල් එක කාඩගෙන ගිහිල්ලත් නැවතත් එය කළින් පරිදිම ඉහලට ගමන් කර තියන බව. මේ අවස්ථාවේදී අපි මේක ඇත්තටම සිදු වුන සපෝර්ට් ලෙවල් බ්‍රේක්අවුට් එකක් කියලා හිතලා අපි සෙල් ඕඩර් එකක් දැම්මනම්. අනිවාර්යෙන්ම අපිට ලොකු පාඩුවක් සිදුවෙනවා.

පැය කීපයකට පසුව අපි මාර්කට් එක දිහා බලපුවහම අපිට පේනවා.. එතන සපෝර්ට් ලෙවල් එක කැඩිලා නෑ කියලා.. ඒ සපෝර්ට් ලෙවල් එක කලින් තිබ්බටත් වඩා ශක්තිමත් සපෝර්ට් ලෙවල් එකක් බටට පත් වෙලා කියලා.



අපි සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටස් ලෙවල් එක අපි මේ උදාහරණයට ගත්ත 1.4700 වගේ එක නිශ්ෂිත අංකයක් විදිහට ගණන් ගත්තොත් අපිට සිදු වෙන්නේ මේ විදිහටම මාර්කට් එක වැරදියට තේරුම් අරගෙන ලොස්ට් වෙන්න.. ඒක නිසා සෑම විටම සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එක, එක් නිශ්ෂිත අංකයක් ලෙස නොව යම් නිශ්ෂිත පරාසයක් (Zone) එකක් විදිහට ගන්න පුරුදු වෙන්න.

මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකේ නිශ්ෂිත පරාසය හදුනාගන්න තියන හොදම ක්‍රමය. කැන්ඩල් චාර්ට් එක නැතිව, ලයින් චාර්ට් එකේ මාර්කට් ප්‍රයිස් එක අධ්‍යනය කිරීම ( සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක දැන ගැණිමට පමණක්)

ලයින් චාර්ට් එකේ එය හදුනා ගැණිමට පහසු වීමට හේතුව ලයින් චාර්ට් එකේ දක්වන්නේ ක්ලෝසින් ප්‍රයිස් එක පමණක් වීම. කැන්ඩල්ස්ටික් චාර්ට් එකේ ඕපනින් ප්‍රයිස්, ක්කෝල්සින් ප්‍රයිස්, හයි ප්‍රයිස්, ලෝ ප්‍රයිස්, සියල්ල සදහන් වෙන බැවින් එහි ඇති සංකීර්ණ තාවය නිසා මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ප්‍රයිස් Zone එක නිවැරදිව හදුනාගන්න අපහසු වෙනවා. ඒ නිසා සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක සොයා ගැනීමට ලයින් චාර්ට් එක භාවිතා කිරීම ඔබට පහසුවක්.

පහත රූපය උදාහරණයකට ගෙන ලයින් චාර්ට් එකක සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එක ඇද ගැණිමේදී.. අදාලා සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකේ මාර්කට් ප්‍රයිස් එක දෝලනය කළ අවස්ථා කීපයක් ගෙන ඒ ඒ අවස්ථාවල මාර්කට් ප්‍රයිස් එක දෝලනය වූ කුඩා පරාසය තුල ඉහලම සහ පහලම Zone එක සලකුණු කරගැනීමෙන් ඔබට නිවැරදී සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone එකක් ඇද ගත හැකිය.



ෆොරෙක්ස් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් වල දැනගතයුතු තවත් කරුණු කිහිපයක්

මාර්කට් ප්‍රයිස් එක රෙසිස්ටන්ස් Zone එකක් කඩාගෙන ඉහලට ගිය විට එය ඉබේම සපෝර්ට් Zone එකක් බට පත් වේ. සපෝර්ට් ලෙවල් එකක් කාඩගෙන ගිය විට එය ඉබේටම රෙසිස්ටන්ස් Zone එකක් බට පත්වේ.


වැඩි වැඩියෙන් එකම සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් අතීතයේ සිට වැඩි වැඩියෙන් මාර්කට් ප්‍රයිස් එක දෝලනය කර තිබේනම් එය ඉතා ශක්තිමත් සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් බව හදුනාගත යුතුය.


සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් ලෙවල් එකක් කඩාගෙන ගිය අවස්ථාවක මාර්කට් ප්‍රයිස් එක කෙතරම් දුරට ඒ පැත්තටම ගමන් කරයිද යන්න අපට තීරණය කළ හැකි සාධකයක් ඇත. කාලයක් තිස්සේ ශක්තිමත්ව පැවති සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් බිදගෙන මාර්කට් ප්‍රයිස් එක ගියේනම් එය විශාල ලෙස එම අතටම මාර්කට් ප්‍රයිස් එක ගමන් කරන බවට දෙන ඉගියකි. ශක්තියෙන් අඩු අලුත් සපෝර්ට් හෝ රෙසිස්ටන්ස් Zone එකක් නම්. එය සමාන්‍ය පරිදි ගමන් කරයි .

පහත රූපයෙන් ඔබට ශක්තිමත් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සහ කුඩා සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් හදුනාගන්න අකාරය පිළිබදව අවභෝදයක් ගත හැක




මහන්සියෙන් උනන්දුවෙන් පැරණි ෆොරෙක්ස් මාර්කට් තොරතුරු අධ්‍යනය කර. එක් එක් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් අවස්ථාවල මාර්කට් එක හැසිරී ඇති ආකරය අධ්‍යනය කරමින් Demo එකවුන්ට් එකක ටික දවසක් හොදින් පුහුනු වුනොත් ඔබට නිවැර සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් Zone හදුනා ගැණිම අපහසුවක් නොවනු ඇත.

ඊලග පාඩමෙන් ඔබට කීයා දීමට බලාපොරොත්තු වෙන්නේ ෆොරෙක්ස් ට්‍රෙන්ඩ් ලයින් මගින් ට්‍රේඩ් දමන අකාරය ඉගෙන ගන්නා අකාරය.

කතෘ - සුරේෂ් මධුශංක

Source - SL Forex Club (Facebook Group)




1.JPG 19.4K
2.JPG 26.9K
3.JPG 26.3K
4.JPG 30.8K
5.JPG 24.2K

Comments

Sign In or Register to comment.