Like us our Facebook page for keep yourself updated.

ඕනෑම Font එකක් ලේසියෙන් හොයාගමු!

edited September 2016 in General Discussions 41.00 Karma
බයර් දුන්න ෆොන්ට් එක හොයාගන්න අමාරුද? WhatTheFont දාලවත් හොයාගන්න බැරි උනාද?
එහෙනම් මෙන්න ගොඩක් දෙනෙක් දන්නේ නැති, ඕනෑම ෆොන්ට් එකක් ලේසියෙන් හොයාගන්න ක්‍රමයක් :D

මේ පහසුකම අපට දෙන්නෙත් මේකෙනුත් හොයාගන්න බෑ, ෆොන්ට් එක හරියට detect වෙන්නේ නෑ කියල අතහැරලා දාපු WhatTheFont එකෙන්ම තමයි ;)
මේක සමහරු දන්නවා ඇති. එත් ගොඩක් දෙනෙක් දන්නේ නෑ WhatTheFont Forum එක ගැන.

WhatTheFont Forum එක මගින් අපට පුළුවන් හොයාගන්න අපහසු ඕන ෆොන්ට් එකක් Experts ලට කියලා නොමිලේම හොයාගන්න. මං මේ ක්‍රමය ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරනවා. 100% මට නම් වැඩ කරපු සාර්ථකම ක්‍රමයක්.
හරි එහෙනම් මේ විදියට කරලා ඔයාලගෙත් හොයාගන්න අපහසු ෆොන්ට් ලේසියෙන්ම ඉක්මනින්ම හොයාගන්න :)

1. මුලින්ම මෙතනින් WhatTheFont සයිට් එකට ගිහින් ඔයාට ෆොන්ට් එකේ නම හොයාගන්න ඕන ඉමේජ් එක අප්ලෝඩ් කරන්න.
උදාහරණයක් විදියට මං මේ ඉමේජ් එක අප්ලෝඩ් කරන්නම්.



2. ඔයාගේ ඉමේජ් එක අප්ලෝඩ් කරලා දිගටම Continue කරන් යන්න. අන්තිම Page එකේ මෙහෙම Result එක ඒවි.



3. දැන් ඒ පේජ් එකේ යටටම ගියාම මේ විදියට No good match? Consult an expert කියලා ඇති. අන්නේක ක්ලික් කරන්න.



4. ඊළඟට එන පිටුවේ Create a New Account ක්ලික් කරලා ඔයාගේ විස්තර දීලා Forum එකේ රෙජිසටර් වෙන්න.



5. දැන් මෙන්න මෙහෙම එයි.. Title Case එකට ඔය වගේ මොකක් හරි දාල Create Case කියන එක ඔබන්න.



6. දැන් ඉතින් තියෙන්නේ කවුරු හරි කෙනෙක් හරිම ෆොන්ට් එක දානකම් ටික වෙලාවක් බලන් ඉන්න එක. ගොඩක් වෙලාවට තත්පර 30ත් විනාඩි 5ත් අතර කාලයක් තුළ හරි ෆොන්ට් එක කවුරු හරි දානවා. එහෙමත් එකක් තමා ගොඩක් වෙලා යන්නේ ඉතින්.

ඔය යටින් තියන්නේ මම කලින් දාපු එකක්. මට එකට විනාඩියක් යන්න කලින් ෆොන්ට් එක හම්බුනා.



දැන් ඉතින් ෆොන්ට් එක හම්බුනා කියමු. මෙහෙමත් එකක් තියෙනවනේ. ඕකේ ඉන්න උන් දාන්නේ Myfonts අඩවියේ තියෙන ෆොන්ට් එකක ලින්ක් එක. ඉතින් Myfont එකෙන් නොමිලේ ෆොන්ට්ස් දෙන්නේ නෑනේ. ඒක නිසා ෆොන්ට් එක හම්බුනාම ඒකේ නම ගූගල් එකේ ගහල Free ගන්න පුළුවන් තැනක් හොයාගන්න එක තමුන්ට බාරයි :p :p
ඕක ඉතින් අපේ අයියලට අලුතෙන් කියා දෙන්න ඕනෙත් නෑනේ. අපේ උන් කවද්ද සල්ලි දීලා ෆොන්ට් ගත්තේ. lol :smiley:

එහෙනම් මං ගියා. වැදගත් නම් ඔය බම්ප් හරි මොකක් හරි තියෙන දෙයක් කරන්ට :sunglasses:



Comments

Sign In or Register to comment.