Like us our Facebook page for keep yourself updated.

ෆයිවර් වල ලෝගෝ ඩිසයින් කරන අලුත් අයට උපදෙසක්

edited August 2016 in Fiverr 27.00 Karma
මේ දේ ගොඩාක් අය දැනටමත් කරනවා ඇති. ඒත් අලුතෙන් ෆයිවර් කරන්න එන අයට අදහසක් ගන්න තමා මේ ලිපිය දාන්නේ.. ෆයිවර් ගැන දැන ගත්ත ගමන් ගොඩාක් අය මුලින්ම දාන ගිග් එක තමා ලෝගෝ ඩිසයිනින්ග් ගිග් එක. මුලින්ම ඕඩර් නෑ කිය කිය නහයෙන් අඩලා.. කරුමෙට හරි මුලින්ම ඕඩර් එකක් ආපුවහම ඊලගට නහයෙන් අඩන්න වෙන්නේ.. බයර් ලෝගෝ එක ඕනා විදිහ ගැන විස්තර එව්වහම.. ඒක තියන කිසිම දෙයක් තේරෙන්නේ නැති වීම සහ ලෝගෝ එක ඩිසයින් කරන්න කිසිම අයිඩියා එකක් බයර් එවන විස්තරෙන් ගන්න බැරි වීම.

මේකට තියන හොදම විසදුම තමා අපි ගිග් එක හදත්දී Buyer Instructions කියන තැනට මේ විදිහට පැහැදිලිව වෙන් කරලා බයර්ගෙන් ප්‍රශ්න ටිකක් අහන එක. එතකොට අපිට බයර් ලබා දෙන පිලිතුරු වලින් බයර් බලාපොරොත්තු වෙන ලෝගෝ එක ගැන නිවැරදි පැහැදිලි අදහසක් ගන්න පුළුවන්.

01. How would you describe your business and what it does?

2. What type of unique custom logo do you require?

3. What is the exact wording for your logo?

4. Do You Have a Crucial Tagline?

5. Do you have existing brand colors?

6. What does the logo need to say about your business?

7. Please attach pictures of any logo examples you like, just to get and idea of what you have in your mind about your expecting logo.

8. Any additional comments?


මේ ප්‍රශ්න ටික භාවිතයෙන් ෆයිවර් සයිට් එකේ මගේ ලෝගෝ ගිග් එක තුල සාර්ථකව අවුරුදු 4ක් තිස්සේ මම ලෝගෝ ඩිසයින් කරනවා. ලෝගෝ එක නිර්මාණය කිරීමට හොද පැහැදිලි අදහසක් ලබාගැනීමට මෙම ප්‍රශ්න වලට බයර් විසින් ලබාදෙන උත්තර මට හැමදාම ලොකු උදව්වක් වුනා. මම හිතනවා ලෝගෝ ඩිසයින් ගිග් අලුතෙන් කරන්න ඉන්න අයටත් මේ දේ උදව්වක් වෙයි කියලා.

මේ ප්‍රශ්න ටික මේ විදිහටම තමන්ගේ ගිග් වලට දාන්න එපා.. මේ ටික දැම්මේ අදහසක් ගන්න විතරයි.. මේ ප්‍රශ්න ටිකෙන් අහලා තියන දේවල් ගැන අදහසක් අරගෙන තමන්ගේ විදිහට අලුතෙන් ප්‍රශ්න ටිකක් හදාගන තමන්ගේ ගිග් වලට දාන්න මතක තියාගන්න..

Comments

  • 18.00 Karma
    වටිනව මචං.. (Y)
  • හොඳ උපදෙසක්. වටිනව. ගොඩක් ස්තූතියි. ජය වේවා...!
  • Elz Bro... මමත් logo design. Buyers ලගේ description කියවලා තේරුං ගන්න පුලුවං හොඳ වෙලාවට.. මම ඔහොම දාලානම් නෑ.. හැබැයි requirements වල පොඩි විස්තර ටිකක් එහෙම ඉල්ලලා තියෙනවා.. එයාලගේ drawing මොනවහරි තියෙනවනම් එයාලා ආස කරන ලොගෝ එකේ ඒවත් එවන්න කියනවා...පලවෙනියටම ඉංග්‍රීසි හදාගන්න ඕනේ... fiverr වගේ කරද්දි singlish බෑනේ.. හැබැයි ඒකට අනිවා courses follow කරන්නම ඕනේ නෑ.. ෆිල්ම් එකක් බලනවනම් english subtitles දාගෙන බැරි හැම වචනයක්ම හොය හොය ඉගෙනගන්න ඕනේ....සමහර buyer request( sellers ලා දාන ඒවා) දැක්කම පේනවා ඉංග්‍රීසි දැනුම අන්තිමයි කියලා.. ඇයි ඉතිං buyer request තියෙන්නේ buyers ලට කියලා තේරෙන්නෙත් නෑ නේ.. දියුණු වෙන්නනම් හැම තප්පරේම අලුත් දෙයක් ඉගෙනගන්නම ඕනේ... නැත්තං එක තැන පල්වෙනවා.... fiverr නෙමෙයි ඕනම දේකදි.. fiverr එකේ ඉන්න international buyers ලා එක්ක sinhala වලින් කතා කරන්න බෑනේ...
  • patta aiya///////////////
Sign In or Register to comment.