Like us our Facebook page for keep yourself updated.

හරියට Buyer Requests දාන්නේ කොහොමද?

සුභ උදෑසනක් හැමෝටම.

ගොඩක් අයට තියන ගැටලුවක් තමා කොහොමද හරියට Buyer Requests දාන්නෙ කියන එක. fiverr කරන 99% වගේ දන්නව කොහොමද Buyer Requests දාන්නේ කියලා :) , එත් එක හරියටම කරන්නේ 25% ටත් අඩුවෙන් :p

ඉස්සෙල්ලම බලමුකො මොකද්ද මේ Buyer Requests කියන්නෙ කියලා. දාන්න කලින් හොයල බලන්න ඔනේ.... :smiley:

Buyer Requests කියල කියන්නෙ fiverr site එකේ ඉන්න Buyer ල එයාලගේ අවශ්‍යතාවය රික්වෙස්ට් එකක් මගින් ඉදිරිපත් කිරීම.

මේ පෝස්ට් එක ගොඩක්ම වැදගත් වෙන්නේ අලුතින් fiverr කරන, කරන්න හිතන් ඉන්න අයට

හරි මෙහෙමයි,

1) මුලින්ම ඔයාලගෙ Dashboard එකට යන්න.


2) ඊලගට selling යටතේ තියනවා Buyer Requests කියන option එක.


3) දැන් ඔයාලට ඔය පහල තියනව වගේ interface එකක් බලාගන්න පුලුවන්.



හරි දැන් හැමෝම දන්නව Buyer Requests තියෙන්නෙ කොහෙද කියලා. :)

ඉලගට තියන ගැටලුව තමා " Buyer Requests load "

මොකද්ද මේ රික්වෙස්ට් ලොඩ් වෙනව කියන්නේ. මොන වගේ වෙලාවටද මේක වෙන්නේ?

සරලවම කිව්වොත් ලෝඩ් වෙනවා කියලා කියන්නේ, අර මං උඩදි පැහැදිලි කරා වගේ fiverr site එකේ ඉන්න Buyer ල එයාලගේ අවශ්‍යතාවය රික්වෙස්ට් එකක් මගින් ඉදිරිපත් කරපු ගමන් එක Buyer Requests list ලිස්ට් එකට වැටෙන එක. ඒත් ගොඩක් වෙලාවට Buyer Requests ලෝඩ් වෙන්නේ Requests කිහිපයක් එකතු උනාම. එක අපිට වාසි. :)

කොහොමද අපි රික්වෙස්ට් ලෝඩ් උනා කියලා දැනගන්නේ ?



උඩ තියන image එක බලන්න. ඔය වම් පැත්තේ active කියල තියෙන්නේ දැනට active තියන ප්‍රමානය.. ඔයාල අවදානයෙන් හිටියොත් දවසේ සමහර වෙලාවල් වලට. ( වෙලාවල් පස්සෙ කියන්නම් ) ඔය active ප්‍රමානය වැඩි වෙනවා. අනිත් හැම වෙලෙම 1ක 2ක අඩුවෙනව...
ආයේ ඔයාලට බලාගන්න පුලුවන් දකුනු පැත්තෙ offer කියල තියන තැන 0 ඒව තියනව. දැන් ඔය image එකේ බැලුවොත් ඔයාලට පෙනෙයි 14,21,08 කියල තියනව. ඒ කියන්නේ ඔය request වලට sellers ල දාල තියන offer ප්‍රමානය.

පහල image එක බලන්න.



1) buyer ඔය තියෙන්නේ request එක දාපු Buyer
2) request ඔතන තියෙන්නේ එයාගේ වැඩේ ගැන විස්තර
3) offers ඔය තියෙන්නෙ ඒ වැඩේට කීදෙනෙක් දැනට ඉල්ලුම් කරලද. නැත්නම් offers දාලද කියන එක.
4) Duration ඔතනින් කියන්නෙ Buyer ට වැඩේට දෙන්න පුලුවන් කාලය
5) Budget එයා වැඩේට ගෙවන්න කැමති මුදල ( සමහර අය මෙක දාල නෑ. අපිට පුලුවන් සාදාරන ගානක් කියන්න )

හරි දැන් තියෙන්නේ දාන්න. :wink: ( හොදට මතක තියා ගන්න offer දාන්නේ ලෝඩ් වෙන ටයිම් එකට විතරයි නැත්නම් වැඩක් නෑ )

අපිට දවසකට වැඩ 10කට offers දාන්න පුලුවන්. ( ඒ 10 ය වලංගු වෙන්නේ පැය 24 යි. අපි දැම්මේ නැත්නම් එව කල් ඉකුත් වෙනව. අයේ පහුවදාට offers 10 දෙනවා )

ඔන්න මම පහලින් image ටික දාන්නම්

1) මුලින්ම Buyer ගෙ request එක ලගට යන්න එතකොට ඔය පහල තියනව වගේ දකුනු පැත්තෙන් send offer කියල තියනව. එතන ක්ලික් කරන්න( හොදට බලන්න ඒ request එකට වෙන කව්රුත් offer දාලද කියල. එ කියන්නෙ offer කියන තැන 0 ව තියනවද කියල. එහෙම 0 ව නැත්නම් ඔයා දාන offer එක 1st එක වෙන්නෙ නෑ. ඒ කියන්නේ දාල වැඩක් නෑ .......



2) හරි දැන් ඉලග පියවර. ඔයාල send offer ක්ලික් කරාට පස්සෙ ඔයාලට එනව ඔය පහල තියන interface එක



ඔතනින් අදාල ගිග් එක සිලෙක්ට් කරල , පහල තියන submit offer ක්ලික් කරන්න.


3) ඉට පස්සෙ ඔයාලට පහල තියන Specify Your Gig Details interface එක බලාගන්න පුලුවන්




දැන් ඔය ෆොර්ම් එක ෆිල් කරන්න. ඉස්සෙල්ලාම ගොඩක් වැදගත් ඔයා Buyer ට යවන offer මැසේජ් එක. එක ශෝට් ඇන්ඩ් ස්වීට් වෙන්න ඕනේ :)
ඒ වගේම පැහැදිලි වෙන්න ඕනේ. ඔයාලගෙ subject එකට අදාල ලස්සන මැසේජ් එකක් හදල තියාගන්න. එතකොට ලේසි....


උදාහරන :smile:

Hello "Have A nice Day
I can Design your logo (unlimited revisions ) . above all I work for the satisfaction
of my client. I will do the best I can and make sure you are completely satisfied with your logo,
you can request changes until you are satisfied.
( නම දාන්න )

ඊට පස්සෙ අනිත් විස්තර.

ඩිලිවර් ටයිම්
රිවිශන්
බජට්

Gig extra එහෙමත් දාන්න. ( ඔයා අදාල බජට් එකට දෙන දේවල් )



4) ඉට පස්සෙ දකුනු පැත්තෙ submit offer ක්ලික් කරන්න. :)

හරි යාලුවනේ ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ... :) හොදට මතක තියගන්න ඔය ඔක්කොම කරන්න තත්පර 3ක් වගෙ කාලයකින් ( එක ඕෆර් එකක් දාන්න ) මොකද රික්වෙස්ට් ලෝඩ් වෙන ටයිම් එකට තරගය වැඩී. හැමෝම බලන් ඉන්නෙ ලෝඩ් වෙනකන්. අනිත් එක තමා, එක දෙක ලෝඩ් වෙද්දි දාන්න අමාරුයි. ගොඩක් ලෝඩ් වෙනක්ම් ඉන්න වෙනව. ටික දවසක් මේක කරද්දි ඔයාට තේරෙයි කොහොමද වැඩේ වෙන්න ඕනේ කියලා... අනික නිතරම refresh කර කර offers දාන්න......

ඇත්තටම කියනවනම් offer load වෙන්න නිශ්චිත වෙලාවක් නෑ. හැබැයි ගොඩක් වෙලාවට offer load වෙන්නේ

7.00 PM - 10.00 PM, 2 AM - 04.00 AM ඔන්න ඔය ටයිම් වලට.

හැමෝම මහන්සි වෙලා වැඩ කරන්න. ගැටලුවක් තියනවනම් කොමෙන්ට් කරන්න. මහන්සි වෙලා වැඩ කරොත් කවදාවත් වරදින්නේ නෑ... ජය වේවා...!!!!!
D Jey Jackson

එහෙනම් බායි...:)
අලුත් ලිපියකින් ආයෙ සෙට් වෙමු... මේ ගැන නොදන්න අයට මේ ලිපිය බලන්න පුලුවන්නම් ගොඩක් හොදයි...
මේකට තියන feedback බලල තමා අයේ ලිපියක් කරන්නේ. :)















1.png 2K
2.png 12.7K
3.png 22.1K
4.png 27.4K
5.png 3.4K
6.png 14.4K
7.png 15.5K
8.png 16.6K
«1

Comments

Sign In or Register to comment.