Like us our Facebook page for keep yourself updated.

Amazon වලින් මාසයට $1000

edited August 2016 in Referral and Affiliate Marketing 102.00 Karma
මුලින්ම කියන්න ඕන කරුණු කීපයක් තියනව. ඉක්මනට සල්ලි හොයන්න හෝ පහසුවෙන් සල්ලි හොයන්න හිතන් ඉන්නව නම් මේක බලන්න එපා. (මුලින්ම මේක කියන්නෙ මට වැරදුනේ එතන නිසා.) මුල් කාලය තුල මේකට සෑහෙන කැපවීමක් ඕන. ඒ වගේම තමන් පිලිබඳ, තමයි කරන වැඩේ පිලිබඳ විශ්වාසය ඕන. අනිත් කාරනය තමයි, Fiverr, Adsence, Affiliate Marketing, අනිත් හැම E money Method ඕනම දෙයක " ගැලවුම් කාරයෝ " නෑ. ඒ කියන්නෙ සැබෑ උවමනාවක් තියන, මහන්සි වෙලා වැඩ කරන, තමන් කරන දේ හරියට විශ්වාසෙන් කරන ඕනම කෙනෙක් මේ ඕනම ක්‍රමයකින් සාර්ථක වෙන්න පුලුවන්.

Entrepreneur Definition - A person who organizes and operates a business or businesses, taking on greater than normal financial risks in order to do so.

මේ Guide එක තුල තියන අදහස් මගේ විතරක්ම නෙවෙයි. මං හැම තැනින්ම කියවල ගත්ත දැනුමත්, මේ ක්‍රමයෙන් සාර්තක උන අයගෙ දැනුමත් එකතු කරල තමයි මේක හදන්නේ. අදහස් ටික ගලපගන්න මං උදව් කරගන්නේ බ්ලැක් හැට් ෆොරම් එකේ මොඩරේටර් කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක්.

අනිත් එක මමත් තාම හැමදේම ඉගන ගන්නව.මොකද දවසෙන් දවස තාක්ෂණය දියුණු වෙනව. මුලු ලොකයම දවසකට අලුත් වෙබ් සයිට් 140000 විතර හදනව. ඉතින් ඒ අතරින් අපි වෙබ් සයිට් එකකින් දිගු කාලීන Business එකක් පටන් ගන්න නම් හොඳ දැනුමක් ඕන කියන එක තමයි මගේ මතය. මේ අදහස් වලට ඔයාල දන්න දේවල් එකතු කරන්න. මොකද මම හැමදේම දන්න "මහාබ්‍රහ්මය" නෙවෙයි.

Amazon affiliates / Associates කියන්නෙ amazon එකෙ products අපේ වෙබ් අඩවියක පෙන්නල (Ads/ Product reviews ) commission එකක් ගන්න එක. වැඩි විස්තර ඕන නම් Google සේර්ච් කරල බලන්න. අපි Amazon ම තොර ගන්න හේතු කීපයක් තියනව. එකක් තමයි Cistomers අතර ඒක ගොඩක් විශ්වාසදායි වෙබ් අඩවියක්. අනිත් එක අපි හරහා Amazon වෙබ් ස්යිට් එකට ගිය ඕනෑම කෙනෙක් දවසක් අතුලත (පැය 24) මිලදී ගන්න ඕනෑම භාණ්ඩයක් සඳහා commission එකක් ලැබෙනවා.

Amazon වල අවාසි, commission එක අඩු 6% වගේ තමයි තියෙන්නෙ. හැබැයි Sales අනුව වැඩි වෙනව. පැය 24න් Cookies අයින් වෙනව. ඒ කියන්නෙ පැය 24න් පස්සෙ ගන්න බඩු වලට අපිට commission එකක් ලැබෙන්නේ නෑ.

මේකෙ තියන ක්‍රම අනිත් ඕනම affiliate මර්කෙට් එකකට Use කරන්න පුලුවන්. අනිත් එක හොඳ traffic එන Website එකක් කියන්නෙ දියමන්ති උල්පතක් වගේ තමයි.

සාමන්‍යයයේන් ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කරද්දි ප්‍රාග්ධනය ඕන. ඉතින් මේකට මේවගේ දේවල් ටිකක් ඕන වෙනව.

අඩුම තරමෙ $100 වගේ මුදලක්.
කැපවෙලා මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් වීම.
Content Writing පුලුවන් වීම.


ඔන්න දැන් කස්ටියට එපා වෙනව. අපිට ඉන්ගිරිසි බෑ, සල්ලි නෑ කියල. මමත් උඹල වගේම තමයි. ඉන්ගිරිසි බෑ. සල්ලි නෑ. :disappointed: සල්ලි නැති එකට ඉතින් සල්ලි හොයාගන්න ඕන. ෆිවෙර් තියෙන්නෙ ඕකට තමයි. නැත්නම් ඉතින් පාටිවලට, කෑමට, අඩියක් ගහන්න එහෙම යන සල්ලි පොඩ්ඩක් ඉතුරු කරගන්න. නිකමට හිතුවොත් උඹ ජොබ් එකකට ගිහින්, Bus වලට, බොර්ඩිමට, අඳුම් වලට වියදම් කරන සල්ලි මාසෙට $100 වඩා වැඩී. ඒ නිස $100 කියන්නෙ මහා ගානක් නෙවෙයි. අනික මේක ඉන්වෙස්ට්මෙන්ට් එකක්. Entrepreneur ල Risk එකක් ගන්න ඕන.

මේ Article එකෙන් මේව තමයි කියල දෙන්නෙ,
Niche එකක් තෝර ගන්න විදිය. - මේක ගැන අපෙ චන්න සහෝ හොඳ ලිපි පෙලක් ලියල තිබුනා. ඇත්තටම මේ දෙකේ වැඩි වෙනසක් නැතත් ඇඩ්සෙන්ස් වලට Niche තොර ගන්න විදියයි, පොඩි වෙනසක් තියනව.
Website එකක් හදන විදිය - මේ ගැන මං ගොඩක් පැහැදිලි කරන්නෙ නැ. ඕන තරම් Tutorials හොයගන්න තියනව.
Keyword Research. - චන්න මේ ගැනත් කියල තියනව. දෙකම එකයි.
Website එක හදද්දි කලයුතු හා නොකල යුතු දේවල්.
Traffic ගන්න විදිය

මාස 6කට පස්සෙ Monthly Income එක වැඩිවන විදිය. - මේගැන ඉතින් කියන්න දෙයක් නෑ. සාමාන්යියෙන් $1000 එක වෙබ්ස්යිට් එකකින් තමයි ටාර්ගෙට් එක. හොඳ වෙබ්සිටෙ වලින් (Adsence / Affiliates / Direct Selling / අනෙකුත් E money ක්‍රම ) මාසෙට $10000 වඩා හොයන මන් හොඳටම දන්න අය ඉන්නවා.

කැමතිනම් අවුරුද්දකට පස්සෙ වෙබ්සයිට් එක විකුනන්න පුලුවන්. මේක විකිනුනේ $205,000 ට https://flippa.com/4337412-world-of-lucid-dreaming-com මේ වගේ උදාහරණ තව ඕන තරම් හොයාගන්න පුලුවන්.

හැම දෙයක්ම පිලිවෙලට කරන්න. කම්මැලි කමට වැඩ මග අරින්න එපා. මේ ක්‍රමයෙන් ආදායම එන්න මාස 6 (උපරිම කාලයක් දැම්මේ. මට සතියෙන් වගේ 1st sale එක උනා.) වගේ යනව. ඒ නිසා එකම අරමුණේන් අවංකව වැඩ කරන්න.

Niche එකක් තොරගන්නෙ කොහොමද?
මේක තමයි ඉතින් වැදගත්ම. හරියට Niche එකක් තොරගත්තොත් SEO උනත් වැඩිය උවමනා වෙන්නෙ නෑ. හැබැයි Adsence වගේ නෙවෙයි, මෙතනදි මේකට වැඩිය කාලය ගන්න එපා. මොකද අපේ Target Audience එක , Target Traffic Volume එක වෙනස්. හැබැයි යම් කාලයක සයිට් එකට Adsence එකතු කරන්න හිතන් ඉන්නවනම් පොඩ්ඩක් හිතල , හොයල බලල නිචෙ එකක් Select කරන්න.

වැඩි දුර කියවීම සඳහා මේක බලන්න. මේ උදාහරණ වල තියන නිචෙස් ගන්න එපා. මොකද මේ නිචේස්, මේ Articles කියවන ගොඩක් අය Try කරල බලනව.ඒ නිසා අනිවර්යෙන් Keyword Search එකක් කරල ගන්න. http://www.matthewwoodward.co.uk/tutorials/secret-finding-proven-money-making-niches/

චන්න දාල තියන Articles වැදගත් ඒකත් බලන්න. ඒ වගේම තමත් හොඳ Articles හොයල බලන්න.
Google Adsense වලින් මුදල් ඉපයිම සදහ නිවෑරදි වෙබ් අඩවියක්/බ්ලොග් එකක් සදා ගන්නා ආකාරය.
අනිත් ටිකත් අරන් කියවන්න.

Season එකට නිචෙස් තොරන්න එපා. උදාහරනයක් විදියට Christmas එකට තියන Products ගැන වෙබ් සයිට් හදන්න එපා. Google Trends බලල නිචෙ එක තෙරුම් ගන්න. ඒ කියන්නෙ Ever Green Niche එකක් තොර ගන්න.

මිලෙන් අධික හෝ මිලෙන් අඩු භාන්ඩ තොරගන්න එපා. මිලෙන් වැඩි බඩු වල තරඟ කාරීත්වය වැඩී. Amazon Commission එක අඩු නිසා මිලෙන් අඩු භාන්ඩ වලින් අපිට ලැබෙන Commision එක අඩුයි. ඒක නිසා $50-$1000 තියන Products තෝර ගන්න. මගේ අදහස නම් $$50 -$500 අතර බඩුවක් හොඳයි.

Amazon එකේ Electronics Category එක තෝරගන්න එපා. General Category එකක් තොරගන්න. මේ තියෙනෙ Commission Fees ටික. https://affiliate-program.amazon.com/help/operating/advertisingfees

අනිත් දේ තමයි උඹල කැමති නිචෙ එකක් තොර ගන්න. ඒ කියන්නෙ විනොදාංශ වගේ/ කැමැත්තෙන් කරන්න පුලුවන් /ආසාව තියන නිචේ එකක්. නැත්නම් කාලයක් යද්දි එපා වනවා.

Product එකෙක් තොර ගනිද්දි, අඩුම තරමේ Sales 20 වත් Reviews 50 වත් තියන එකක් තොර ගන්න.

නිචෙ එකට අදාලව Domain එක ගන්න. මේ කියන්නේ Micro Niche Sites ගැන නෙවෙයි. අපිට ඕන කරන්නේ User Trust කරන්න පුලුවන් Domain එකක්. Brand-able Domain එකක් තමයි ගන්න ඕන. .com එකක් ගන්න.

දැන් බලමු උදාහරණයක් අරගෙන. මේ විස්තර මං ගත්තෙ බ්ලැක් හැට් ෆොරම් එකෙන්.
උදාහරණයක් විදියට මෙට්ට ගැන බලමු.

මේ තියෙන්නෙ ගූග්ලෙ ට්රෙගන්ඩ්ස් චාර්ට් එක. හැම අවුරුද්දකම මැද අගයක තියනව. එක නිසා එතනින් අවුලක් නෑ.


මේ Praduct එක $50 - $500 අතර තියනව. Reviews 50 වඩා තියනවා.


මං නිදා ගන්න කැමතී. ඒක නිසා නිචේ එකට මන් කැමතී. :)

දැන් ඉතින් ගොඩක් අය කියන්නේ, හපෝ මේකෙ Competition එක වැඩී. මලාට Site එක Rank කරගන්න වෙන්නෙ නෑ කියල. ඒක තමයි මම මුලින් කිව්වෙ Adsence වලට වඩා මේක වෙනස් කියල. අපිට Google No 1 වෙන්න ඕන නෑ. ලෝකයේ මෙට්ට නිශ්පාදන ප්‍රමුකයො වෙන්න අපිට ඕන නෑ. අපිට ඕන Daily එකට මේට්ටයක් දෙකක් විකුන ගන්න විතරයි.

දැන් මේකට ගන්න Domain එක, Micro Niche වෙන්න ඕන නෑ. bestmattressreviewsin2016.com වගේ Extract Match Domain එකක් වෙන්න ඕන නෑ. sleepwellexpert.com වගෙ එකක් හොඳටම ගැලපෙනවා. ඩොමේන් එක අවුරුද්දකට වඩා ගන්න පුලුවන් නම් හොඳයි.

දැන් තියෙන්නෙ වෙබ්සයිට් එක හදන එක. එකට නම් ඉතින් මගෙන් උදව් නෑ. ඕන තරම් ටියුටොරියල්ස් තියනව. මේ ටික YouTube එකේ තියන එවා.



Udemy එකෙ තියන එවගේ ටොර්රෙරන්ට්ස් මෙතනින් බා ගන්න පුලුවන්.
http://extratorrent.cc/search/?search=wordpress+udemy&new=1&x=29&y=4


දැන් තමයි ටිකක් අමරු කොටස. Keyword Research and Analyzing

අපි හැම දෙයක් කරද්දිම Analyzing පාට් එකක් තියෙන්නෙ ඕන. Software Engineering වල මුල්ම් Part එක ඒක. නිචේ එකක් තේරුවට පස්සෙ, පොඩි Keyword Research පාරක් දැම්මට කමක් නෑ. මොකද අපේ නිචේ එකට තියන තරඟකාරීත්වය, මාසික සෙවුම් ගණන, අනිත් මිනිස්සු අපේ නිචේ එක ඇතුලෙ හොයන දේවල් එහෙම දැනගන්න එක වැදගත්. මං මේ කියන්නේ දීර්ග කාලීන සැලසුම් වලට. විශේෂයෙන් Adsence වලට වෙබ් සයිට් එකක් හදද්දි මේ Analyzing පර්ට් එකෙන් පිට Visitor රුචි අරුචි කම් අනුව, ඒ අය වෙබ් සයිට් එකේ රඳවා ගන්න (Bounce Rate අඩු කරගන්න ) ලොකු පිටි වහලක් වෙනව.

මේක හරියට නොකරොත් ගොඩයන්න බෑ. මං මේ කියන්නෙ Real Organic traffic ගැන. මොකද අපිට වැඩිපුරම ඕන කරන්නේ අපේ භාණ්ඩය ගැන නියම අවශ්යේතාවයක් තියන අය. හරි අපි වැඩේට බහිමු. මෙතන සම්පූර්ණ Guide එකක් නෑ. මේක ලොකු ෆීල්ඩ් එකක්. පෝස්ට් එකකින් කියල ඉවර කරන්න බැරි දේවල් ගොඩක් තියනව. එතනදි තමයි Self Study ඕන වෙන්නෙ. මේ ගැන හොඳ විස්තරයක් චන්න කරල තියනව. ඒ නිසා මං ඒ ගැන කියන්නෙ නෑ.

මුල් අවස්තා වලදී අපි නිචේ එකක් සහ භාණ්ඩ කීපයක් තොරගත්තා. (මෙට්ට වර්ග කීපයක්) දැන් Spread Sheet එකක් අරගෙන අපි හොයන Keywords ටික ලියාගන්න ඕන.

Brand Name එක - උදා -ආපිකො, ඩම්රොෙ (ලංකාවෙ අපිට තෙරෙන විදියට )
Product type එක - උදා - Double Layer, Single Layer

මේ තියෙන්නෙ ඉඩේස් ටිකක්.
Best[Product Type] [Niche]
Best[Product Type] For [Relevant Niche]

අපේ නිචේ එක අනුව .
Best Form Mattress
Best Mattress for Back Pain

මේ වගේම තමයි SEMrush කියන වෙබ්සිටෙ එක භාවිතා කරල අපිට හොඳ කීවර්ඩ්ස් හොයා ගන්න පුලුවන්. තව මේ වගේ ටූල්ස් තියනව. Google Keyword Planer කියන්නෙත් ඒ වගෙ එකක් තමයි.




මේ ගැන කලින් ෆොරම් එකේ පළවුන ලිපි -
Articles by Channa
SemRush Free Account Trick

මෙතනදි ලොකුම Search Volume එකක් තියන Keyword එක Homepage එකට Select කර ගන්න. හැබැයි අඩුම ගානේ වචන 2ක් වත් තියන Keyword එකක් නම් හොඳයි. අනිත් Keywords ටික අනිත් Pages වලට ගන්න.
Adsence කරන්න හිතන් ඉන්න අයට පුලුවන් Long tails Keywords 100 හොයාගෙන Articles හදන්න. Sure Shot එක Rank වෙනවා. :)

දැන් තියෙන්නෙ සල්ලි වියදම් වෙන වැඩක්. Content Writers Hire කරන එක. මන් නම් use කරන්නෙ Iwriter. හැබැයි හොඳ writer කෙනෙක් හොයාගන්න අමාරුයි. $3 500 Words ලියනව. Iwriter for Content Writing (මගේ Affiliate ලින්ක් එක.)

අමතර - මේක Fiverr Gig එකක් විඩියට use කරන්නත් පුලුවන්. හොඳ writer කෙනෙක් සෙට් උනාම $5 700 වොර්ඩ්ස් අරන් $10 Fiverr එකේ විකුණන්න පුලුවන්. ඕඩර් එනව පට ගාලා. මොකද Original Content Writersla අඩුයි ෆිවෙර් එකේ.රියල් ඇමරිකන් කාරයෙක්ගේ Written Patten එක අපිට වඩා වෙනස්.

Main Page එකට (Homepage) වචන් 3000 වගෙ සෙට් වෙන්න Article එකක් ලියන්න. මේක තමයි හොඳටම ලියන්න ඕන. මේකට Premium Writer කෙනෙක් ගත්තත් කමක් නෑ. මේකෙ තියෙන්නෙ ඕන Buyers Guide එකක් වගේ එකක්. බලන කෙනාට නිචෙ එක ගැන Idea එකක් එන්න ඕන. උදා - අපේ නිචේ එක අනුව,

How to Choose a Mattress
Mattress Types
Posture/Back Pain Considerations
Mattress Sizes
Mattress Care
Mattress Toppers and Protectors

ඉතින් මේක ලියද්දි අපිට පුලුවන් Product එකක් දෙකක් දාන්න. එකක් විශේශ කරත් කමක් නෑ. මේ වගේ...
With mattresses, the best seller is here -

අනිත් Articles වලට දැනට කී වර්ඩ්ස් 10 තෝර ගන්න. වචන 1000 -2000 වගේ Articles දාන්න. මේ වගේ Structure එකක් අනුගමනය කරන්න.

200-500 words introduction
200-500 words about 3-8 products in that category
200-500 words conclusion & final recommendation

අලුත් අයට මුලු ස්යිට් එක පුරාම වචන් 10000-12000 වගේ එන විදියට හදන්න පුලුවන්. වචන 25000 වගේ ගන්න පුලුවන් නම් හොඳයි.

අපි Wordpress Use කරනව නම්, Yoase SEO එකට අනුව, Keyword Density එක බලා ගන්න පුලුවන්. ඒක අනුව Article එක ලියන්න. Hire කරන Writer ට ඒ විස්තර ටික කියන්න ඕන. මේ වගේ ස්යිට් වල Content එක මත තමයි Sales එන්නේ. ඒකයි මම Content Writer කෙනෙක් හොයගන්න කියන්නේ. අපෙ English වලට වඩා උපතින් English ජාතියකුගේ රචනා විලාසය වෙනස්.

දැන් තියෙන්නෙ වෙබ් ස්යිට් එක හදන්න. කලින් Wordpress එහෙම ඉගන ගෙන Domain අරගෙන, WordPress Install කරල , Content ටිකත් Ready කරගෙන ඉන්නෙ.
වෙබ් අඩවි නිර්මාණයේදී අපි බාවිතා කරන රීති තියනව. අවාසනාවකට ලංකාවේ මේ ගැන වැඩි උනන්දුවක් නෑ. ගොඩක් අය බලන්නෙ කෙල්ලෙක්ගේ ජන්ගියක් දාල වෙබ් ස්යිට් එකක් කරල ගානක් හොයා ගන්න. වෙබ් ස්යිට් එකක් User Friendliness එක උපරිම විදියට හදන්න ඕන (Adsence වලදි,Clicks ගන්න අපි සමහර වෙලාවට මේ රීති වෙනස් කරනවා. ) ඉතින් මේ Affiliates ස්යිට් එකේදි අපි මේ වගේ දේවල් ටිකක් භාවිතා කරනවා.

Site එක පුලුවන් තරම් personal එකක් විදියට හදන්න. Commercial Website එකක් කරගන්න එපා. එ කියන්නේ බලන කෙනාට තෙරෙන්න ඕන අපේ මූලික පරමාර්ථය බඩු විකිනීමම නෙවෙයි කියල.

අපි මේක හදන්නේ ලෝකේ හොඳම මෙට්ට Company එක වෙන්න නෙවෙයි. ඒක නිස පුලුවන් තරම් සරල වෙන්න.

වැදගත්ම දේ තමයි අපි ඇත්තටම මිනිස්සුන්ට යමක් දෙන්න ඕන. භණ්ඩ අලවියටම නොවෙන වෙනත් ප්‍රයෝජනවත් ලිපි පලකරන්න ඕන. උදාහරනයක් විදියට කොන්දේ අමාරුවට ගෙදරදිම කරගන්න පුලුවන් ප්‍රතිකාර 10ක් .

අපි බලමු කොහොමද මේක personal website එකක් විදියට හදන්නෙ කියල. මුලින්ම වෙනම කෙනෙක්ගේ account එකක් ගන්න. දන්නවනේ Fake Accounts හදන හැටි. හැබැයි මේක විශේශයි. මේකෙදි, තොර ගත්ත නිචේ එකට Expert කෙනෙක් කියල පේන්න ඕන. FB, Twitter, LikedIn Accounts හදුවට කමක් නෑ.bio එක දානකොට professional විදියට දාන්න. Expert කෙනෙක් කිව්වෙ, මෙට්ට Company එකක අයිති කාරයෙක් නෙවෙයි. කොන්දේ අමාරුව ගැන දන්න කෙනෙක් වගේ account එකක් හදන්න. wordpress වල autor කියන තැනට මේ accounts ටික bio ටිකයි ලින්ක් කරන්න. හැමතැනදිම ප්‍රසන්න පෙනුම තියන, විශ්වාස කරන්න පුලුවන් විදියෙ accounts හදන්න. ඒ මේල් එකකුත් හදාගන්න. Godaddy Domain Hosting එකක් ගත්තොත් Free Email Account එකක් ලැබෙනවා. hello@websitename.com වගේ email එකක් use කරත් කමක් නෑ.
වෙබ්ස්යිට් templateඑකට සරල එකක් තොරගන්න. ඉක්මනට load වෙන ස්යිට් එකක් ඉcමනට රෑන්ක් වෙනවා.වෙබ්ස්යිට් එකට අනිවාර්යෙන් මේ අමතර පේජස් ටික දාන්න.

- About us/me (this should have your blogger's bio and picture)
- Contact me/us (contact form to your gmail account)
- Disclaimer page stating you are an Amazon affiliate

මේ plugins ටිකත් දාගන්න. හැම plugin එකේම විස්තර නම් කියල දෙන්න විදියක් නෑ. එහෙම උනොත් මේ article එක මාසයක්වත් ලියන්න වෙයි.

- Yoast SEO
- SumoMe
- WP External Links
- Pretty Link Lite
- Google Analytics
- Askimet
- 404 to 301
- WP Super Cache
- All In One WP Security

ස්යිට් එකේ main stucture එක මේ වගේ වෙන්න ඕන.




කැමතිනම් "newspaper Style " එකට Last පොස්ට් ටික විතරක් තියන්නත් පුලුවන්.
වෙබ්සිටෙ එකේ title එකටත් Main keywords එකම දාන්න. Wordpress permalink වලින් URL එක websitename.com/postname එක විදියට හදන්න. පොස්ට් වල title හදද්දි ගොඩක්ම personal විදියට හදන්න උදා- What is the best mattress for back pain? I found it! එතකොට click කරන ප්‍රමාණය වැඩී. කලින් කියපු විදියට පොස්ට් structure එක දැම්මට, කම්මැලි Visitors lata බලන්න, First Paragraph එකෙන් පස්සෙ Product එකට ලින්ක් එකෙක් දෙන්න.උදා - "spoiler alert - check out the best mattress here".

හැමපොස්ට් එකටම Images 3ට වැඩිය දාන්න. ඒ Images title එක, Alt එකයි දාල SEO optimize කරගන්න. මේ පෝස්ට් ලියද්දි මිලදී ගන්න ඕන හේතු මොනවද කියල සාකච්චා කරන්න. තමන්ට මේ ගැන අත්දැකීමක් තියනව වගේ ලියන්න.

Article 10ක් දැම්මනම්, ඒ හැම එකක්ම ඉන්ටෙර්නල් ලින්ක් කරන්න. උදා හරනයක් විදියට මිල් පිටුවෙ තියන article එකේ, Best Mettres for back Pain කියන වචන ටික තියනව නම් (Anchor Text), Best Mettres for back Pain කියන article එකට ඒ words එක ලින්ක් කරන්න. මේකට කියන්නෙ Internal Link Building කියල. මෙක On Page SEO Method එකක්. විශේශයෙන් Yoast SEO Plugin එක ගැන සැලකිලිමත් වෙන්න.

දැන් බලමු Traffic ගන්න විදිය.
මේක නම් හැම වෙබ්ස්යිට් එකටම පොදුයි. මුලින්ම බලමු traffic ගන්න ක්‍රම,
Organic Traffic - අමාරුම සහ අවශ්යම දේ මේක.
Social media Taffic - හොඳ ෆ්බ් පේජ් එකක් නම්, සල්ලි ආකරයක්.
Forums - ඉස්සර නම් මේක තමයි උඩින් හිටියේ. දැන් ඉතින්, බ්ලොග්ස්, Social media නිසා පොඩ්ඩක් යටින් ඉන්නෙ.
Q and A websites. - මේකත් Amazonවෙබ්සිටෙ වලට හොඳ method එකක්.
Guest post and Blog Commenting - මේක Building වල නො 2 වගෙ තියන එකක්. හොඳ ක්‍රමයක්.

මං මෙතනදි White hat Methods තමයි recommend කරන්නෙ. මොකද ඊලඟ google update එකෙදි මොන විදියට වෙබ්සිටෙ එකට බලපානවද දන්නෙ නෑ. ඒ නිසා කෙටි පාරවල් හොයන්නෙ නැතුව, ස්තිර මාර්ගයක යන්න.

Organic Traffic - Adsence උනත්, මොන වෙබ්සිටෙ එකක් උනත් වැඩිම ඵලදායී තාවයක්, Conversion Rate එකක් තියෙන්නෙ මේ ක්‍රමය මගින් traffic ආවොත් තමයි. OnPage SEO ටික Yoast එකේ තියන විදියට කරන්න. අනිවාර්යෙන් Internal Link Building කරන්න. Advance Methods නම් තියනව. ඒ වගේම අත්දැකීමෙන් ගත්ත දේවල් තියනව. ගොඩක් වෙලාවට නිචේ එක අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනව. අපි හදන ස්යිට් එකේ Content 100% Original, Yoast එකෙන් අනිත් Optimization ටික කරනව, Internal Link Building කරල තියෙන්නෙ, හොඳ Keyword Density එකක් තියනව ඒක නිසා ගොඩක් Onsite SEO ටික සම්පූර්ණයි. Offsite විදියට Building තමයි තියෙන්නේ. අමාරුම ඒක තමයි.
Google Webmaster tools - චන්නගේ Article එක බලන්න

Social Media - මේකත් හැම වෙබ්සිටෙ එකටම වටිනව. Target Traffic ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මගේ මුල්ම Sale එක උනේ Fb Group එකක comment එකක් දාලා. මෙතනදි තමයි අර කලින් හදපු Accounts ඕන වෙන්නෙ. රියල් විදියටම ඉන්නව නම්, පස්සෙ කාලෙක Account එක විකුනන්න උනත් පුලුවන්. USA Friends ල ඉන්න FB account එකක් $150 වඩා විකුනන්න පුලුවන්. අපේ නිචී එක අනුව(mattress) අපිට ගොඩක් වටින්නෙ pinterest එක. ඒ වගේ නිචේ එක අනුවත් Social Media Methods වෙනස් වෙනව. අපි විහිලුවට ගත්තට Social media වලින් ගොඩක් මුදල් හොයන්න පුලුවන්. අවාසනාවට ලන්කාවෙ ඉන්නෙ ජන්ගි පෙන්නල ලයික් හිඟාකන අය තමයි. Adsence වගේ ස්යිට් එකක් කරනව නම්, Likes 50000 වගේ තියන පේජ් එකකින් උනත් හොන්ද ගානක් උපයන්න පුලුවන්. හැබැයි Real usersla වෙන්න ඕන. Like Buy කරාට වැඩක් නෑ.

අමතර- හොන්ද FB Page එකක් තියනවනම් Fiverr GIG එකක් උනත් දාන්න පුලුවන්. Likes 5000 වගෙ තිබුනත් $5 පොස්ට් එකක් Share කරගන්න අය ඉන්නව.

Social Media ගැනත් ඉතින් වෙනමම කතා කරන්න ඕන. තනියම ඉගන්න ගන්න එක තමයි හොඳම. කරන්නන් වාලේ පේජ් එකක් කරන්නෙ නැතුව, User interaction එක වැඩි වෙන විදියට (taking about කියන්නෙ) පොස්ට් දාල, videos දාල, discription දාල හරියට කරගෙන ගියොත් ගොඩම තමයි.

ටිකක් ලස්සන ගෑනු ලමයෙක්ගෙ Account එකක් හොයාගන්න. USA නම් හොඳයි. Fake එකක් හදල චාටෙර් නොවෙන විදියට,සතියට State Updates 3 වගෙ එන විඩියට account එකක් maintain කරන් යන්න. (පරන account එකක නම වෙනස් කරා නම් බ්ලොක් වෙන එකෙන් වලකින්න පුලුවන්.) දවසට 30 වගෙ friendsla කරගෙන යන්න. තමන්ගෙ නිචෙ එකට අදාලව තියන FB group එකක Membersla කරගෙන යන්න. Gruop වල comment කරන්න. පොඩ්ඩක් active වෙන්න. ඒ වගෙ account එක maintain කරානම් හරි.
ඒ වගේම group වලට එකත් වෙන්න. නිචේ එකට අදාල නම් අනිව එක පෝස්ට් එකකින් ලොකු traffic එකක් සයිට් එකට එනව. ගොඩාක් මෙම්බෙර්ස්ල ඉන්න group ඕන නෑ. එතකොට පෝස්ට් එක ගොඩක් පහලට යනව. කොයි වෙලාවකවත් ස්පම් කරන්න එපා.

ෆොරම්ස් ගැන කතා කලොත්, දැනට වැඩියම භාවිතා නොවෙන, නමුත් ස්තිර traffic එකක් ගන්න පුලුවන් ක්‍රමයක්. මෙතනදි භාවිතා වෙන ක්‍රම කීපයක් තියනවා. මුලින්ම පුලුවන්, තමන්ගෙ නිචේ එකට අදාලව තියන forums බලල සම්භන්ද වෙන්න.මේකෙ හදන account එකත් කලින් එව වගේම real විදියට හදන්න ඕන. මුලින් අනිත් අයට උදව් කරල තැනක් හදාගන්න බලන්න. ස්පඈම් කරන්න යන්න එපා. ලින්ක් share කරන්න එපා. සාමන්ය විඩියට උදව් කරන්න. සමහර forum වල සමහර features active කරන්නෙ කල් ගියාම. උදා - බ්ලැක් හැට් එකේ පොස්ට් 15 දැම්මම තමයි. මැස්සේජස් active වෙන්නේ. ඇත්තටම අපි කරන්න ඕන අපේ නිචේ එකට අදාලව අනිත් අය අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන එක. මේ වගේ ප්‍රශ්ණ.

"I am not sleeping well. Any ideas to help??"
"Just moved house. Looking for a new bed and mattress. Suggestions?"
"What is the best memory foam mattress?"

මෙතනදි forum 10ක account 10ක් හැදුවොත් 4ක් විතර වෙන අයගෙ නම් වලින් හදන්න. ඒ කියන්නේ. අපේ වෙබ්සිටෙ එකට කිසිම සම්බන්දයක් නැති විදියට.
මේ හැම එකක්ම record කර ගන්න spread sheet එකකට. එතකොට අපිට දැනගන්න පුලුවන් අවසාන result eka එක. එකම දවසෙ හැම එකම කරන්න යන්න එපා. හෙමින් හෙමින් ඉස්සරහට යන්න. ඒකයි මන් මුලින් කිව්වෙ මේකට කාලය යනව කියල.

- Date/Time
- Site name
- Type (e.g. forum)
- Live? (i.e. is the link live?)
- Target page (on your blog)
- Site URL

ප්‍රශ්ණ වලට උත්තර දෙනකොට ගොඩක් personal වෙන්න. හැමවෙලාවෙම වෙබ්ස්යිට් එක promote කරන්න යන්නම එපා. වෙන වැදගත් ප්‍රසිද්ද වෙබ් ස්යිට් වල ලින්ක් පවා දෙන්න. උදා - Wikipedia

වෙබ්ස්යිට් එකේ owner විඩියට answer කරන කොට මේ වගේ දේවල් කියන්න.

- Long responses with a link within the post.
- Short responses with a link to your relevant blog post as further reading. E.g. "Great question. Hard to answer this on a forum so I put together a blog post for you here..."
- Answers where you disagree with the original question. E.g. "no you don't need to spend $1000 on a mattress, here are some you can buy for less than $200" - මෙතනදි කරන්නෙ, දාල තියන පොස්ට් එකට විරුදධ අපේ මතය ඉදිරිපත් කරන එක. Blog Comment වලදිත් මේ විදිය use කරන්න පුලුවන්.
- Answers where you agree with the question and post a link to your best post. E.g. "Choosing a good mattress is really important, I get much more sleep since choosing mine. I personally have a [brand name here] but have written about some other options here: [your link]

වෙන කෙනෙක් විදියට answer කරන කොට මේ විදියට කියන්න.
- I was looking for [niche name] recently. I bought a [product name] thanks to a recommendation from [your blog post about this]
- Great question. I did a lot of research on this. Here are some useful posts I found [link to your site and an authority site like Wikipedia/news sites]
- I've done a lot of research on this. Here's what I found: [copy part of your article] and then link to your article at the end
- Start a new thread entirely and say you are researching a product and what do people think of [your buying guide]

ඉතින්, මේ ටික කරද්දි අනිවා සලෙ එකක් වත් වෙනව. හැබැයි ඉතින් වෙබ් සයිට් එක පටන් ගත්ත ගමන් profit බලාපොරොත්තු වෙන්න එපා. අපේ වැරැද්ද තමයි ඉවසන්න බැරි එක.

Q and A වෙබ්ස්යිට් වලටත් Forums වගේම කරන්න. හොඳ Results ගන්න පුලුවන්. කොයිමවෙලාවකවත් ස්පෑම් නම් කරන්න එපා.

Guest Post වලදි තමන්ට අදාල නිචෙ එකේ අනිත් වෙබ් ස්යිට් වල ගෙස්ට් පොස්ට් service එක දෙනවනම් ලින්ක් එකක් දාගන්න chance එක තියනව. මේක Adsence වලට සැහෙන්න වැදගත්. මොකද Link Building කරාම වෙබ්සිටෙ එකේ රැන්ක් එක වැඩි වෙලා Organic Traffic වැඩි වෙනව.
කොහොමද Guest Post දෙන තමන්ගේ නිචේ එකේ Website එකක් හොයා ගන්නේ. ගොඩක් අය google එකේ සේර්ච් කරන්න හරියට දන්නෙ නෑ. ඒ නිසා හරියට තොරතුරු ගන්න දන්නෙ නෑ. අපිට පුලුවන් මෙහෙම සේර්ච් කරන්න

"[YOUR TOPIC]" + "write for us"
"[YOUR TOPIC]" + "contribute"

මේකෙන් කරන්නෙ, අපෙ නිචෙ එකට අදාලව "write for us" කියන words ටික තියන pages පෙන්නන එක. මේ වගේ Google Search Methods හොයල use කරන්න. උදා හරනයක් විදියට search query එකක් දෙන්න පුලුවන්, back pain කියන words, title එකේ තියන Articles තියන වෙබ්සිටෙස් මොනවද කියල.
http://computers.tutsplus.com/tutorials/how-to-find-anything-online-with-advanced-search-techniques--cms-21154

Guest Post ලියද්දි අපිට පුලුවන් Health Niche එකේ වෙබ්ස්යිට් එකට Back pain එක ගැන පොස්ට් එකක් දාල Best Mattress for Backpain කියන Article එකට ලින්ක් එකක් ගන්න. ඒ වගේම Home Decoration වගේ නිචේ එකක Mattress ගැන ලියන්න.

මේ විදියට වැඩටික කරගෙන ගියොත් මාස 6ක් වගේ යනකොට සයිට් එක හොඳ තැනකට එනවා. මට අමතක උනා Amazon Associates Account එකක් හදන විදිය කියන්න. ඇත්තටම එකේ කියන්න තරම් දෙයක් නෑ. මෙතනින් Register වෙන්න පුලුවන් - https://affiliate-program.amazon.com/

Adsence වල වගේ ඇඩ් එකේ Code එක දෙනව. Website එකට දාගන්න තමයි තියෙන්නේ. මීට අමතරව Product එකේ ලින්ක් එක කෙලින්ම ගන්නත් පුලුවන්. සාමන්යෙ දැනුමක් තියන කෙනෙක්ට මේක ලොකු දෙයක් නෙවෙයි. හැමදේම කියල දෙන්න ඕන නෑ.

ඇත්තටම මේ guide එක නිකන් හැඳින්වීමක් වගේ. ලැබෙන ප්‍රතිචාර අනුව තව දේවල් ලියන්න බලාපොරොත්තුවක් තියනව. මේ මගෙ පලවෙනි tutorial එක. ලියද්දි අදහස් ගලපගන්න අමාරුයි. ඕන ඒවයි එපා ඒවයි හැමදේම ලියල ඇති. විශේෂයෙන් කියන්න ඕන FB එකේ මැසේජ් දාල නම් විස්තර අහන්න එපා. අපි හැමදේම මෙතන කතා කරමු. එතකොට හැමෝටම දැනුම බෙදාගන්න පුලුවන්.


New Updates - 2016 - 08 - 17 -
Simple Amazon Affiliate Website Analyze
«13

Comments

  • නියමයි මචන් දිගටම ලියන්ඩ පට්ට article එකක් ගොඩක් කාලෙකින් කියෙව්වේ .අත ඇරලා දාල තියෙන site අපහු කරන්ඩ හිතුන .දිගටම ලියන්ඩ .
  • 428.00 Karma
    Good post machan. Dodak watin godakd ewal thiyanwa danne nathi ayata. <3
  • 102.00 Karma
    koliya said:

    නියමයි මචන් දිගටම ලියන්ඩ පට්ට article එකක් ගොඩක් කාලෙකින් කියෙව්වේ .අත ඇරලා දාල තියෙන site අපහු කරන්ඩ හිතුන .දිගටම ලියන්ඩ .

    සයිට් එකක් පරණ වෙන්න තමයි ඉතින් වාසිය. අතාරින්න එපා මචන්.

    superb bro !

    තෑන්ක්ස් මචන්...

    great post

    තෑන්ක්ස් මචන්...

    Good post machan. Dodak watin godakd ewal thiyanwa danne nathi ayata. <3 </p>

    උඹේ ආටිකල් වල ගොඩක් දේවල් ලියල තියන නිසා මේක ලියන්න ලේසි උනා. :)
  • 76.00 Karma
    ගොඩාක් වටිනා ලිපියක් ! ඔක්කොම අකුරක් නෑර කියව්වා , දන්නේ නැති ගොඩක් දේවල ඉගෙන ගත්තා ... හදවතින්ම ස්තූතියි !!!
  • ammoa godak mahansi wela hodhata liyala tiyenawa machan. pin sidhdha wenawa meuwa danawata.
  • ela mcn patta post ekak :)
  • 25.00 Karma
    Mama meka karamin inne, article araganimin, domains 3k aran, thiyenne.

    Amazon affiliate ekata join weddi loku aulak enawa. Mama 3,4 parak try karala Twitter walin contact karan hada gaththe. Aula thama call verification eka wenne naha. Hariyatama karath error kiyalamai enne.

    Ita passe amazon eken manually un verify karala thibba.

    Next aula thama tax interview eka eka ton ganak dewal ahanawa. YouTube video ekak balagana eka kare.

    Me article eken wade thawa quality ekata karanna puluwan.
  • 428.00 Karma

    Good post machan. Dodak watin godakd ewal thiyanwa danne nathi ayata. <3 </p>

    උඹේ ආටිකල් වල ගොඩක් දේවල් ලියල තියන නිසා මේක ලියන්න ලේසි උනා. :)


    :D
  • සුපිරිම සුපිරි. දිගටම ලියන්න. නියමයි.
  • නියම පෝස්ට් එකක්. ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් ස්තූතියි.
  • edited August 2016 23.00 Karma
    Godak mahansi vela avashya karana hama deyakma gana vage liyala tinava article eke.

    Mageth idea ekak tiyenava Amazon Affiliate site ekak hadanna kaleka indala, ea vade karanna kick ekak me vage article valin labenava. Digatama liyanna yaluva. :smiley:
  • 64.00 Karma
    thanks machan thread ekata. api articles hadana okkoma site eka hadana dawase okkoma eka paratama daanawada? site eka heduwata passe eka update karanna ona nedda serin sere adsense waladi wage post daala?
  • edited August 2016 9.00 Karma
    godak wadagath deyak machan.
    facebook,twitter wage accounts verified vidiyata hadaganna wenawada machan? mewa verify karanna case enawane bn USA wage acount hadanakota
    me wage site ekak karanna hoda hosting plan ekakut suggest karannako mcn
  • 23.00 Karma
    dtx16 said:

    godak wadagath deyak machan.
    facebook,twitter wage accounts verified vidiyata hadaganna wenawada machan? mewa verify karanna case enawane bn USA wage acount hadanakota
    me wage site ekak karanna hoda hosting plan ekakut suggest karannako mcn

    HostGator eke Baby plan eka vadith ekka eka site ekak karanna. :)
  • 102.00 Karma
    Vimukthi said:

    ගොඩාක් වටිනා ලිපියක් ! ඔක්කොම අකුරක් නෑර කියව්වා , දන්නේ නැති ගොඩක් දේවල ඉගෙන ගත්තා ... හදවතින්ම ස්තූතියි !!!

    තෑන්ක්ස් මචන්. හරියට කරොත් වරදින්නෙ නෑ.
    Lasantha said:

    5 STAR Rating

    ඒක තමයි ටිකක් කල් ගත්තෙ. :)

    ammoa godak mahansi wela hodhata liyala tiyenawa machan. pin sidhdha wenawa meuwa danawata.

    තෑන්ක්ස් මචෝ... උඹ ඉතින් දැනටමත් කරනව නේ. ;)

    ela mcn patta post ekak :)

    තෑන්ක්ස් මචන්.

    Mama meka karamin inne, article araganimin, domains 3k aran, thiyenne.



    Amazon affiliate ekata join weddi loku aulak enawa. Mama 3,4 parak try karala Twitter walin contact karan hada gaththe. Aula thama call verification eka wenne naha. Hariyatama karath error kiyalamai enne.



    Ita passe amazon eken manually un verify karala thibba.



    Next aula thama tax interview eka eka ton ganak dewal ahanawa. YouTube video ekak balagana eka kare.



    Me article eken wade thawa quality ekata karanna puluwan.

    මට නම් මුකුත්ම සීන් එකක් ආවෙ නෑ මචන්. මං මුලින් සයිට් එක හොඳට හැදුවා. ට්‍රැෆික් එහෙම වැඩි උනාට පස්සෙ තමයි Amazon එකෙන් ඉල්ලුවෙ.
    Article එකේ Stucture එක මේ කියපු විදියටම තියා ගන්න. ඕක මනෝවිද්‍යාත්මක ක්‍රමයක්ලු. (ඇත්තද දන්නේ නෑ. ) මොනව උනත් සේල්ස් නම් වෙනවා.

    සුපිරිම සුපිරි. දිගටම ලියන්න. නියමයි.

    තෑන්ක්ස් මචන්.

    නියම පෝස්ට් එකක්. ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් ස්තූතියි.

    තෑන්ක්ස් මචන්.

    Godak mahansi vela avashya karana hama deyakma gana vage liyala tinava article eke.

    Mageth idea ekak tiyenava Amazon Affiliate site ekak hadanna kaleka indala, ea vade karanna kick ekak me vage article valin labenava. Digatama liyanna yaluva. :smiley:

    තෑන්ක්ස් මචන්.වෙබ් සයිට් එකක් තියන එක ගොඩක් වාසි. Adsence/ Affliate විතරක් නෙවෙයි තව ගොඩක් ක්‍රම තියනව වෙබ්සයිට් එකකින් සල්ලි හොයන්න. හිතන්න වත් බැරි වෙබ්ස්යිට් කොටි 2, 3 විකිනෙනව Flippa එකේ. :)
    chamrox said:

    thanks machan thread ekata. api articles hadana okkoma site eka hadana dawase okkoma eka paratama daanawada? site eka heduwata passe eka update karanna ona nedda serin sere adsense waladi wage post daala?

    මුල් Articles 10, Main Article එකයි දැම්මට පස්සෙ, මුල්ම සේල් එක එනකන් Articles දාන්න එපා. මොකද, අපි කරන්නේ Business එකක් නිසා, ROI (Return on Investment) එක බලල තමයි අපි වියදම් කරන්න ඕන. Adsence වගේ තියනව නම් අප්ඩේට් කරන එක හොඳයි. ඒකට ඉතින් පොඩි විස්තරයක් එක්ක ඉමේජස් ගොඩක් තියන, ලේසියෙන් හදාගන්න පුලුවන් Article එකක් එකක් උනත් කමක් නැ.
  • 102.00 Karma
    dtx16 said:

    godak wadagath deyak machan.
    facebook,twitter wage accounts verified vidiyata hadaganna wenawada machan? mewa verify karanna case enawane bn USA wage acount hadanakota
    me wage site ekak karanna hoda hosting plan ekakut suggest karannako mcn

    එහෙම නම් අවුලක් උනේ නෑ. මුලින් ලංකාවේ විදියට හදල, Verify කරල පස්සෙ රට මාරු කරත් කමක් නෑ. මේක කරන ගොඩක් අය අපේ Club එකේ ඉන්නව. Baby Items වගේ නිචේ එකකට USA මැදි වයසෙ ගෑනු කෙනෙක් වගේ දෙන Advice ඒ රටේ ගොඩක් අය විශ්වාස කරනවා. අපි මාකට් එක අල්ල ගන්න විදිය ෆීල්ඩ් එකේ ඉන්න කොට ඉබේටම හැදෙනවා.

    මං නම් Use කරන්නෙ Godaddy. එකෙ Economy Hosting එක $12. First year. මගෙ සයිට් ගොඩක් තියන නිසා මං Ultimate එක අරන් තියෙන්නෙ. එක හොස්ටින්ග් Account එකෙන් , Addon Domains වලින් ගොඩක් වෙබ්ස්යිට් හොස්ට් කරන්න පුලුවන්. Traffic ගොඩක් වැඩි වෙද්දි VPS එකක් අරන් Host කරන්න වෙනව.

  • 102.00 Karma
    මේ දේවල් තරමක් අපැහැදිලි නම්, මුලින්ම amazon affliate තියන Website එකකට ගිහින් Site එක පොඩ්ඩක් Analyze කරා නම් හරි. ඒ අය, Amazon ඇඩ්ස් දාල තියෙන්නෙ කොහොමද?, මොන වගෙ ද Product Review එකක් ලියන්නෙ, Direct Link කරල තියෙන්නෙ කොහොමද? ඒ අයට එන Traffic වල කීවර්ඩ්ස් මොනවද? මාසෙට කොච්චර Traffic එනවද? වගේ දේවල් ගැන දල අදහසක් ගත්ත නම් හරි.
Sign In or Register to comment.