Like us our Facebook page for keep yourself updated.

Join and Make Money with us in google adsense

in Adsense 428.00 Karma


අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවනේ අලුතෙන් Adsense / Website කරන්න පටන් ගන්න කැමති. වැඩි දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක ගැන හරි තේරුමක් නැති එක. tutorial කොච්චර තිබුනත් practically කරන්න ගියාම හිතන්නේ නැති ප්‍රශ්න එනවා.

ඒක නිසා අපි හිතුවා නිචෙ සයිට් එකක් හදලා ඒකට SEO කරලා ට්‍රැෆික් ගෙන්නගෙන ඒකෙන් ආදායමක් ගන්නේ කොහොමද කියන එක ගැන practical Training එකක් පටන් ගන්න. වැඩේ කෙරෙන්නේ මෙහෙමයි.

Training එකට සම්බන්ද වෙන අයට අපි ඕනෙ කරන හැම දෙයක්ම දෙනවා. Keyowrds, Domain, Hosting, වෙනත් අවශ්‍ය සේවාවන්. ඊට පස්සේ කරන්න ඕනෙ වැඩ එකින් එක පිලිවෙලට කියලා දෙනවා. ඔයාලට තියෙන්නේ තමන්ට ඒ ඒ වෙලාවට කරන්න assign කරන වැඩ ටික හරියට complete කරන්න. වැඩ කරගෙන යනකොට එන ප්‍රශ්න වලට විසදුම්, නොතේරෙන තැන් ගැන පැහැදිලි කිරීම් හැම දෙයක්ම අපි කරනවා.

අපිට මේ වැඩෙන් තියෙන ප්‍රයෝජනය මේකයි. සයිට් එකෙන් අන්තිමට ලැබෙන ආදායම බෙදෙන්නේ 50%ක් අපිට 50%ක් ඔයාලට විදිහට. අපිට ලැබෙන කොටසින් තමයි මේ වැඩ වලට යන මූලික වියදම් ටික පියවගන්න සහ මේ වැඩේට දායක වෙන අයට ගෙවීම් කරන්න හිතාගෙන ඉන්නේ. අපි මේ හැම දේකටම මුලදිම වියදමක් කරන නිසා risk එකක් තියෙනවනම් ඒක තියෙන්නේ අපිට මිසක් ඔයාලට නෙමෙයි.

Training එකට සම්බන්ද වෙන අයට පොඩි මූලික සුදුසුකම් කීපයක් තියෙන්න ඕනෙ. තනියම කොපි නොකර English article එකක් ලිවීමේ හැකියාව, Wordpress / HTML ගැන පොඩි දැනුමක්, දවසකට පැයක් දෙකක් වැඩකරන්න පුලුවන් කම වගේ දේවල්.

වැඩ ටික ඉගෙන ගත්තට පස්සේ තමන්ට කැමති විදිහට තනියම වැඩ කරගෙන යන්න උනත් පුලුවන්. කිසිම ගැටළුවක් නෑ.

Training එකට join වෙන්න කැමති අය, මේ ලින්ක් එකෙන් ගිහින් application එක fill කරල register වෙන්න. අපිට මුලින් ගන්න පුලුවන් 50 දෙනෙක් විතරයි. දැනට 28 දෙනෙක් වගේ register වෙලා, තෝරගෙන ඉන්න නිසා තව ටික දෙනෙක්ට විතරයි අවස්ථාව දෙන්න පුලුවන්. මේ සැරේ බැරි වෙන අයට ඊලග සැරේ chance එකක් දෙන්න පුලුවන් වෙයි.

https://goo.gl/forms/LWysJpHVTuTFTorn1

එහෙනම් හැමේටම සුභ පතනවා.
Tagged:
adsense.PNG 159.2K

Comments

Sign In or Register to comment.